Declaring Variables
Haaaaaaaaaaai prens 😻, I am back 😁. අද අපේ කතාව පටන් ගන්නේ Java Variables ගැන. ටිකක් දිගයි වැඩේ හැබැයි අපි අද මේක ඉවර වෙනකන්ම කතා කරනවා. හරීඊඊඊඊඊඊ ඒනම් අපි වැඩේ පටාආආන් ගන්නයි යන්නේ 😂😍.
Variables කරන්නේ එක එක values වල Data Store කරන් ඉන්න එක. Java වල Variable වර්ග කිහිපයක් තියෙයි,
String
මේක හැම වෙලේම Use කරන්නේ Text එකක් Represent කරගන්න ඕන උනාම. මතකනේ අපේ පලවෙනි Example එක. අමතක අය ගිහින් ඉක්මනින් බලල එන්න. ඒකේ අපිට ඕන උනේ Hello World කියන out put එක ගන්න, අන්න ඒ වගේ ඒවට තමා strings කියන්නේ. අනික් වැදගත්ම දේ මේ Text අපි Code කරන්න ඕන් double quote (“”) ඇතුලේ.
Int
Integer කියන එක කෙටි කරලා තමා Int කියන එක අරං තියෙන්නනේ. Use කරන්නේ දශම හෝ භාග නොවන + හෝ - පූර්ණ සංඛ්‍යා නිරූපණයට. මෙත්නදී මුකුත් Specially ඒ කියන්නේ quotation ඇතුලේ Numbers represent කරන්න ඕන නෑ. නිකන්ම් Number එක දැම්මම ඇති. අපි මේ හැම එකක්ම දීර්ග පැහැදිලි කිරීම් එක්ක examples වලින් බලනවා. කලබල වෙන්න එපා
Float
Floating Numbers කියන එක කෙටි කරලා මේක අරං තියෙන්නේ. + හෝ - දශම සංඛ්‍යා නිරූපණයට තමා මේක භාවිතා කරන්නේ.
Char
Characters කියන එක කෙටියෙන් Char කියන්නේ. Single Characters (‘a’, ’b’, ’A’) Represent කරන්න තමා. මේක use කරන්නේ, අනික් දේ තමා Characters represent කරන්න Single Quote Use කරන්න ඕන.
Boolean
True or False අදල Value Store කරන්න.
Declaring(Creating) Variables
අපි Variable එකක් හදන්නේ ඒකට වෙනම වර්ගයක් හා Value එකක් දීලා. ඒ කියන්නේ උදාහනරණයක් හිතන්නකෝ X කියන්නේ Integer (int) එකක් ඒකේ වටිනාකම (Value) එක 5 යි කියලා. එතකොට මේ Variable එකේ Variable Type එක එන්නේ int කියලා, Value එක එන්නේ 5 කියලා. මේකේ Syntax එක එන්නේ Type variableName = value කියලා,
Ex: int x = 5
බලමු තව Ex ටිකක්,
name කියන නම තියන Variable එකේ Type එක string, ඒකේ Value එක Jhone
index කියන නම තියන Variable එකේ Type එක int, ඒකේ Value එක 15
Changing Value
හරි එතකොට Variable එකකට දීලා තියන Value එක නැතිව වෙන Value එකක්. Assign කරන විදිය අපි බලමු, (Assign කියල කියන්නේ පවරනවා, දෙනවා කියන එකට Use කරන English වචනේ . Java වලදී Variables කොටසෙදී විතරක් නෙමේ මේ වචනේ තමා දෙනවා පවරනවා කියන්න දිගටම Use කරන්නේ, ඒක නිසා මමත් Assign කියන වචනේ දිගටම පාවිච්චි කරනවා, ඒක නිසා මතක තියාගන්න 😌)
Ex : int myNum = 15, මේකේ Value එක 10 විදියට වෙනස් කරන්න නම්,
Int myNum = 15
myNum = 10
දැක්කනේ, ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ.
Final Variable
හරි ඊලඟ කතාව, හිතන්නකෝ ඔයා Variable එකක් Declare කරනවා. ඒකට Assign කරපු Value එක මොනම හේතුවක් මතවත් ආයෙ ඔයා හෝ එතනින් එහාට Program එක Continue කරන් යන්නෙ වෙන කෙනෙක් උනත් වෙනස් නොවිය යුතු Variable එකක්. අන්න ඒම වෙලාවල් වලට use කරන්න ගන්න Keyword එකක් තමයි මේ Final කියන Keyword එක. variable එකක Syntax එක එන්නේ,
Type variableName = value
Final Variable කියන එක ආවම, Syntax එකේ Variable Type එක දාන්නේ, Final කියන Keyword එකත් එක්ක.
මේ Final Variable කියන Seen එකේදී, Variable එක නැවත වෙනස් කිරීමක් නෑ. මේක Read Only Variable එකක්.
Other Type
Int නැත්නම් Integer වලට අමතරව අපි උඩදී කතා කරපු Variable Declare කිරීම කරන්නෙත් මේ විදියටම තමා. සුලු වෙනස් වීම් තිබුනට, ක්‍රමේ 100%ක්ම සමානයි.
int myNum = 5;
float myFloatNum = 5.99f;
char myLetter = 'D';
boolean myBool = true;
String myText = "Hello";
මේ Variable set එකේ දිගුව Data Type වලදී අපි කතා කරමු.
Display Variables
Variable එක Declare කරල ඊලඟ කාර්ය වෙන්නේ ඒක Display කරන එක. මේ ලෑස්ති වෙන්නේ ඒක කරන විදිය බලන්න.
මෙතනදී අපි Use කරන Method එක Println ම තමා. ඒකේදී Variable එකයි Text එකයි Combine ලකරන්න අපි +Sign එක Use කරනවා, ඔයාට මෙතනදී Text දෙක අතර Space තියන්න ඕන නම් ඒ Space එකත් අදාල Text එකත් එක්කම තියන්න ඕන, ඒ කියන්නේ උවමනා Output එක Hello Jhone නම් “Hello ” කියල තමා එන්න ඕන.
(ඒ කියන්නේ Integer වලට හෝ වෙනත් කිසිම numbers include වෙන Data Types වලට අපිට මේක Use කරන්න බෑ. මොකද ඉලක්කම් වලදී + වැඩ කරන්නේ එකතු කිරීමට විතරයි, ඒ කියන්නේ Variable Display කරනකොට 5+6 දාලා අපිට 56 ගන්න බෑ, එන්නේ 11. තේරුනා නේද ඔයාලට)
Declare Multiple Variable
හැම Java Variable එකකට වඩා වැඩි Variable ප්‍රමානයක් හදනකොට ඔයාට පුලුවන් එකක් ගානේ Variable Type එක mention කර කර නොයිද, එක පාරක් විතරක් Variable Type එක දාලා ඊට පස්සේ Comma දදා, Variables ටික type කරගෙන යන්න.
හරි ඊලඟ කෑල්ල Identifiers, මම පටන් ගන්නකොටම කිව්වනේ, වැඩේ පොඩ්ඩක් දිගයි කියලා, ඒකට කමක් නෑ, අපි variables කරල ඉවර කරල දාමු අද.
Java Identifiers
හැම Java Variable එකකටම Unique Names (ආවෙනික නම්) තියෙයි. මේවරට කියනවා Java Identifiers කියලා.
Identifiers වලට කෙටි නම් තියෙන්නෙ පුලුවන ඒ වගේම දිග නම් තියෙන්න පුලුවන්. (Age, sum, totalVolume වගේ) ඒත් පුලුවන් නම් පුරුද්දක් විදියට maintain කරන්න java වලදී අර්තයක් තියන Variable names use කරන්න. තනි අකුරෙ නම්, වචන කෙටි කරපු අකුරු දෙක තුනක් තියන Shorts දැම්ම කියලා Program එක Compile නොවී තියෙන්නේ නෑ. ඒත් සාමාන්යෙන් University මට්ටමේ හා ඊට ඉහලින් තියන හැම Exams හෝ Interviews හැම එකකදීම තනි අකුරෙ Variable Names, වගේම අර්තයක් නැති Variable Names සලකන්නේ වැරැද්දක් විදියට. ඒක නීතියක් නෙවී සම්මතයක් 😎.
General Rules Of Naming Variables
- නමේ Capital, Simple, letters, digits, underscores(_), හා Dollar Mark($) එක ඇරුනම වෙන දේවල් ඇතුලත් වෙන්න බෑ 😎.
- උඩදි Underscore, Dollar Sign හා Digits ගැන කතා කලාට පුරුද්දක් විදියට Maintain කරන්න අකුරකින් Variable Name එක පටන් ගන්න. ඒකත් Simple අකුරකින්. මේකත් උඩදි කතා කලා වගේම සම්මතයක්. Program එක අවුලකින් තොරව Run වෙනව හැබැයි ඔයාට ලැබෙන්නේ වැරැද්දක් එක්ක ලකුණු විදියට 0 ක් 😎.
- Reserved Words ඒ කියන්නේ Java වලදී දැනටමත් වෙන් වෙලා තියන වචන Variable Names විදියට use කරන්න බෑ. (int, String etc.) 😎
No comments:
Post a Comment