Thursday, 14 July 2022

JDK Installation

හායි මගේ යාලුවනේ, අදත් මම ආවා. හරි ඔන්න අද ඉද ගැම්මට Java ඉගන ගන්නයි මේ ලෑස්තිය 😉

Java කියන්නේ Programming language එකක් ඒ කියන්නේ Software වලට තේරෙන භාශාව කියල මං පහු ගිය ලිපි ටිකෙන් එක දිගට පැහැදිලි කලානෙ. දැන් හදන්නේ Java වලට ගැලපෙන්න Computer එක Setup කරගන්න. ඒකට අපි කරන්න ඕන JDK(Java Development Kit) එක Download කරගන්න ඕන. 

පහල තියන වීඩියෝ එකට ගිහින් බලන්න. සම්පූර්න විස්තරේ එක ඒකේ තියෙයි.

https://www.youtube.com/watch?v=IJ-PJbvJBGs


(JDK කියන්නේ compiler එක, දැන් හොදටම දන්නවනේ compiler එකක් කියන්නේ මොකක්ද කියලා) JDK එක

Install කරලා ඒක හරියට Install වෙලාද කියලා බලන්න ඕන, ඒක කරන්නේ මෙන්න මෙහෙමයි,

දැන් අපේ කොල්ලො කෙල්ලෝ හොදටම දන්නවා, CMD එකේ Directories තියන තැන් බලන්න එකී මෙකී

නොකී හැමදේම. Java එක හරියට Install වෙලාද කියල බලන්නේ මෙන්න මෙහෙමයි, මෙච්චරයි කරන්න තියෙන්නේ,

Java කියල cmd එකේ type කරල enter කරන්න. 




⬇️



⬇️



⬇️



⬇️



⬇️



⬇️



⬇️



එතකොට මෙන්න මේ වගේ Codes ටිකක් එනව නම් ඔයාගෙ Computer එකේ java හරියට Install වෙලා තියෙන්න 

හරි Java එක හරි, දැන් බලමු Compiler එක Download වෙලාද කියලා, ඒක බලන්න Javac (JavaCompiler) කියල

Type කරලා Enter කරන්න, කලින් Programming කරපු අයගෙ ඇරෙන්න අනික් ඔක්කොටොම error එකක් එන්න

ඕන, මං හරි නෙ නේද ? Error එක එන්නේ Javac is not recognize කියල නෙහ්, ඒ කියන්නේ Java install ඊම

හරියට උනාට Compiler එක හරියට install වෙලා නෑ. හරි දැන් යන්නේ ඒ ප්‍රශ්නෙ විසදන්න, 

ඔයා මුලින්ම හොයගන්න ඕන Javac එක තියන තැන, ඒකට මුලින්ම this pc යන්න, ඒකේ C drive එකට ගිහින්, Programming Files වලට යන්න, ඒකේත් Java කියන Sub folder කොටසට යන්න, Java folder එක ඇතුලෙ තියනවා, JDK කියලා Folder එකක්. මේක ඇතුලට ගියාම තවත් File folders ගොඩක් තියනවා, මේකෙන් ඔයා තෝරගන්න ඕන Bin කියන Folder එක. ඒක ඇතුලට ගියාම එතන තියන Path එක copy අරගන්න, (C:\Program Files\Java\jdk-18.0.1.1\bin)



දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි. යන්න Control panel එකට ගිහින් ඒකේ System and security select

කරන්න, එතනින් Advance system settings select කරලා එතනින් Environment variable select කරන්න.

Environment variable වලට ගියාම තියන්නේ user variable for my pc සහා system variable, එතනින්

system variable select කරලා system variable වල තියනව Path කියලා Variable එකක්, ඒක select කරලා

edit දෙන්න. ඊට පස්සෙ එන dialog box එකේ variable value එකට අර කලින් Copy කරගත්තු JDK path එක

Paste කරන්න. පහලින් බලන්න පාත් එක 



හරි ඔන්න ඔයාගෙ Compiler installation එකත් හරි.  දැන් CMD එකට ගිහින් javac කියල ගහල බලන්නකෝ, 



මෙහෙම එනව නේද, 


හරි එහෙනම් දැන් ඔයාගෙ Computer එකත් Ready java programming වලට, Notepad ++

https://notepad-plus-plus.org/downloadඑකත් Download කරගෙන හෙට ඉදන් Set වෙමු coding වීරයෙක් වෙන්න, 


අදට එහෙනම් බායි කොල්ලනේ, කෙල්ලනේ 😁😽

 



1 comment: