Saturday, 13 August 2022

Java Programming Started

 ඔන්න අදත් ඔයාලගේ Voldemort scene එකේ ඉන්නේ, අද අපි Java පටා…න් ගන්නයි හදන්නේ. මගෙ යාලුවෝ දැන් පිලිවෙලට Java වල History එක Origin එක උනු හැටි ඉදන් Virtual Environment එකක Java Run වෙන විදිය මෙකී නොකී Java වල වටපිටාවේ හැම දෙයක්ම දැනගෙනනේ ඉන්නේ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ Java Programming Part එක ඒ කියන්නේ Java වල Practical part එක ඉගන ගන්න. No more theories. අදම අපි එක්ක එකතු උනු මගේ යාලුවෝ හැමෝගෙන්ම මං ඉල්ලනව Java History Part එක නැතත් CMD Lessons දෙඅනිවාරෙන්ම Cover කරගෙන මෙතනට එන්න කියලා. මොකද ඒක මෙතන ඉදන් ඉස්සරහට දිගටම ඕනි. ඒකයි


හරි, දැන් කලින් දවසෙ දුන්නු Link එක Use කරලා Note Pad ++ එක ගන්න ඇතිනෙ මගේ යාලුවෝ හැමෝම. ගත්තෙ නැති කට්ටිය අද ගන්න මේ Linkඑකෙන්. මේකට Ms Note Pad එකත් Use කරන්න පුලුවන් It’s totally ok, ඒත් ඒක පට්ට කැතයි මට අනුව නම්. ඒකයි මම Notepad ++ ගන්නේ. 

හැමදේටම කලින් මේ text file එක Java File එකක් විදියට Save කරගෙන ඉමු. හරි මෙන්න මෙච්චරයි කරන්න

තියෙන්නේ Note Pad එකේ හෝ Note Pad ++ එකේ File වලට ගියා Save As, වලට ගියා Location එකක් Select කලා Folder එකක් Create කරලා හෝ Already තියන Folder එකකට ගියා  save දුන්න File එක Save කලා, Easy. නෑ නෑ අද easy නෑ, තව තියෙයි ඉවර නෑ. File එක Save කරනකොට Save කරන්න් ඕනි Java File එකක් විදියට. අපි හිතමුකෝ File එකේ නම abc කියලා, හරි එතකොට File Name එක abc කියල දාල Save කලොත් නිකන්ම Text File එකක් විදියටනේ Save වෙන්නේ, අපි මේකට .java කියන Extension එක Use කලාම තමා මේක Java File එකක් වෙන්නේ. හරි දැන් ඒ වැඩෙත් හරි. ඔයාලගේ File එකටත් abc කියලම නම දෙන්න මම හේතුව කියන්නම්. හරි දැන් File එක Save කලා. 





ඊලගට යන්නේ Programme එක Compile කරලා Run කරන්න. ඒකට කලින් පහල තියන විදියටම එක අකුරක් වත් Character එකක් වත් Change කරන්නේ නැතිව අපි abc.java කියලා Save කරගත්තු Notepad එකේ type කරගන්න.



හරි, මේක තමා අපේ පලවෙනි Java Programme එක, අපි හදන්නේ Out Put එක විදියට Hello World කියන එක ගන්න. උඩ Programme එකේ තියන හැම Code එකක් ගැන්ම එකින් එක වෙන වෙනම පැහැදිලි කරල දෙනවා ඒක ගැන හිතන්නම එපා. දැනට මේ කියන ටික ඒ විෆදියටම කරගෙන යං මගේ යාලුවෝ ටික. දැන් ctrl+s ගහලා හෝ Note Pad එකේ File වල Save කියන එක ඔබලා මේ Programme එක Save කරගන්න. ඊලගට අපි මේක Compile කරගන්නයි යන්නේ. Compile කරගන්න මුලින්ම මෙන්න මේ විදියට CMD එක Open කරගන්න,


abc.java කියන තැනට ගිහින් right click කරන්න, එතකොට මෙන්න මේ වගේ dialog Box එකක් open වෙනවා, මේකෙන් Open Containing Folder In CMD කියන එක Click කරන්න. CMD එක ගැන හැම දෙයක්ම ඉගනගෙනන්නේ ඉන්නේ මගේ යාලුවෝ ඔක්කොම. මේකෙන් කියන්නේ මේ File එක තියන තැන CMD එකෙන් Open වෙනව කියන එක ඔයාලට තේරෙනවනේ,



තව ක්‍රමයක් තියෙයි. ඒකත් මේ වගේම සරලයි. අපි abc.java කියන File එක Save කරපු Folder එක තියෙන්නේ, අන්න ඒකේ abc.java File එක තියන තැනට යන්නකෝ. එතනට ගිහින් Address bar එකේ CMD කියල Type කරලා Enter කරන්න එතකොටත් හරි.


 


මීට අමතරව තියන අනික් විදිය තමා CMD එකෙන්ම File Location එක Open කරගන්න එක. කාටහරි ඕන නම් මේක මෙහෙමම තියෙද්දී CMD එක win key එක ගහලා open කරගෙන මේ folder එකට යන්න ඕන කියලා ඒකට විදියත් මම CMD Lessons දෙක පුරාවටම පැහැදිලි කරලා දුන්නනේ නෙහ්.


ඔය කැමති ක්‍රමේකින් හෝ abc.jva File එක තියන Folder එක CMD එකේ Open වෙන්න ඕන. මගේ නම් එන්නේ මෙන්න මෙහෙම,



ඊලග Step එක තමා මේ java File එක Compile කරගන්න ඒක. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. CMD එකේ මෙන්න මේ Code එක ගහන්න,

Javac abc.java 

මෙහෙම ගහලා Enter කරන්න එතකොට මෙන්න මෙහෙම එයි,



ඔහොමම්මම ගිහින් මේ File එක තියන Folder එක බලන්නකෝ.



මෙන්න මේ වගේ Class File එකක හැදිල තියනවා ඔයාලට බලන්න හම්බෙයි. හරි ඒකත් හරි Compile කරගත්තා, මේ යන්නේ Run කරගන්න. ඒකට කරන්න තියෙන්නේ මෙච්චරටයි අර විදියටම CMD එකේ java abc කියල ගහලා 



enter කරන්න, එතකොට එයි මෙන්න මෙහෙම.



දැක්කද අපේ Out Put එක ආව විදිය. හරි ඊලග Post එකෙන් මේ හැම Code එකම තේරුම වෙන වෙනම කතා කරමු.


අදට එහෙනම් මෙච්චරයි. Bye මගේ කොල්ලනේ කෙල්ලනේ 😁😽





No comments:

Post a Comment