Hi girls and boys 😻, Voldemort on form 😁. අද අපේ කතාව Java Data Casting ගැන. චුට්ටි වැඩක් තියෙන්නේ, ඉවර වෙනකන්ම කතා කරන්න තත්පර 360.66 යන්නේ 😂😍.
Casting කරනවා කියන්නේ එක් වර්ගයකට අයත් ප්රාතමික දත්ත වර්ගයක් තවත් ප්රාතමික දත්ත වර්ගයකට හැරවීම. (මතකනේ, ප්රාතමික දත්ත කිව්වේ, byte, shorts, char, int, long, float and double. String එකක් Primitive Data type එකක් ඒම නැත්නම් ප්රාතමික දත්ත වර්ගයක් බවට පත් කරන්න බෑ කියලා ඕනම සිගිති ප්රානියෙක්ට තේරෙන්න ඕන හැබැයි )
හරි Casting වර්ග දෙකයි,
Widening Casting (Automatically)
පොඩි Data Type එකේ ඉදලා (Byte ගානෙන්) ලොකු Data Type එකට එනකන් තමා මේ Type එකේ Data Cast කරන්නේ.
Byte ➡️ short ➡️ char ➡️ int ➡️ long ➡️ float ➡️ double
Narrowing casting(Manually)
ලොකු Data Type එකේ ඉදලා (Byte ගානෙන්) පොඩි Data Type එකට එනකන් තමා මේ Type එකේ Data Cast කරන්නේ. Large Data type එකක් Small වෙන එක තමයි මෙතනදි සිද්ද වෙන්නේ.
මම Widening Casting ගැන කතා කරද්දීAutomatically කියලා වචනයක් පාවිච්චි කලා මතකයි නෙහ්, Narrowing Casting වලදී Narrowing Casting සිද්ද වෙන්නේ Manually.
දැන් උඩට ගිහින් ආය පාරක් ඉක්මනින්ම Widening Casting වලදි අපි Type කරපු Code එක බලන්න හොදට, හරි දැන් අපි බලමු Narrowing Casting Code එක,
දැක්කද වෙනස, අපි Widening Casting වලදී Data Cast වෙන එකට Variable Type එක Mention කරලා Command එකක් දුන්නේ නෑ, ඒත් ඒක ඉබේම Double Data Type එකේ Input එකක් දුන්නා. ඒත් Narrowing Casting වලදී අපි Data Type එක Parenthesis() ඇතුලේ Type කරලා දාල තියනවා පේනවා නේද Code එක ඇතුලේ, Narrowing Casting වලදී Data Cast වෙන එක ඉබේ උන්නෑ, අපි Data Type එක Mention කරන්න ඕන Manually. ඒක නිසයි අපි කියන්නේ Widening Casting වලදී Automatically Data Cast වෙනවා Narrowing Casting වලදී ඒක වෙන්නේ Manual කියලා.
හරි, දැන් ඒකත් හරි, අපේ ලමයි දැන් Casting ගැනත් දන්නවා. ඊලග Post එකෙන් Java Operators පටන් ගන්නවා වගේම ඉවරත් කරනවා. දිගටම ඉන්න අපි එක්ක. බායි බායි මගේ කොල්ලනේ කෙල්ලනේ 😁😽
No comments:
Post a Comment