Wednesday, 27 July 2022

Java Syntax

හායි මගේ යාලුවනේ, මෙන්න ඔයාලගේ programming villain is back 😈😍. අපි කලින් Post එකෙන් abc.java කියලා අපේ මුලම ජාවා Program File එක හදලා ඒක Compile කරන විදිය ඒම ඔක්කොම බැලුවනේ, මේ හදන්නේ ඒ code එකින් එක ඒම code කරන්න හේතු එක්ක පැහැදිලි කරන්න. 


හරි මතක් කරගන්න එදා කෝඩ් එක,



( අපිත් මෙතන පුන්චි වැරැද්දක් කලා යාලුවනේ, අනිවාරෙන්ම මතක් කරගන්න Class එක ඒ කියන්නේ මෙතන abc කියල අපි දීපු නමේ මුල් අකුර හැම වෙලේම Capital වලින් පටන් ගන්න, ඒ කියන්නේ Abc කියලා. මේක නීතියක් නෙවෙයි රීතියක්. ඒක තමා සම්මතය )


මෙන්න මෙහෙමනේ තිබුනේ, Java වලදී හැම් application එකක්ම තියෙන්නේ Class එකක් ඇතුලේ, ඒ කියන්නේ හැම වෙලේම මොන ආකාරයෙ වැඩක් උනත් ( Public කියන වචනෙ වෙනස් වෙනවා, මේ කතා කරන්නේ Class කියන Single Word එක ගැන) Class එකකින් පටන් නොගන්න Java Program මේ ලෝකෙ නෑ. ඒක වෙන්නේ ඇයි කියන එකට උත්තරේ Java Program එක Develop කරල තියෙන්නේ ඒ විදියට. ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් ඇයි අපි අලියට අලිය කියන්නේ වෙන වචනයක් කියන්න තිබුනනේ, ඒ ලොකු සතාට කියන නම මේකයි කියල සම්මතයක් හදලයි තියෙන්නේ නෙහ්, අන්න ඒ වගේ. 


ඒ වගේම අපේ Java File එකේ නම මේ Class එකට දාන නම විය යුතුයි. මතකද අපි කලින් දවසෙ අපේ abc class එක ඇතුලේ තිබ්බා Java Program එක abc.java කියලා Save කලා. Public Class එකක කරපු Program ඒකක් තියන File එකක් Compile වෙන්නේ නෑ මේම නොවුනොත්. මේක හැම වෙලේදිම මෙහෙමමද කියල කවුරු හරි මගෙන් ප්‍රශ්න කලොත් මම දෙනව උත්තරේ නෑ කියලා. මේක හැම වෙලේදිම මෙහෙම වෙන්නෑ. Class එක Public නම් විතරයි අපි මේ නම දාන්නේ,(මං කිව්වනේ හැම Java Program එකක්ම Public කියන වචනේ තියෙන්නේ නෑ. ඒක වෙනස් වෙනවා කියලා.) අපි බලමුද Example එකක්. 


Sample කියන Class එක ඇතුලේ තියන Java Program එකේ Out Put එක Hello World වෙන්න Program එකක් නිර්මානය කරන්න.


මේ තියෙන්නේ Public Class එකක් ඇතුලේදී, Program එක



Compile කරාම,



මේ තියෙන්නේ Default (Public නොවන) Class එකක් ඇතුලෙදී Program එක




Compile කරාම,



හොදට තේරුම් ගන්න, Compile විතරයි Java Sample කියලා ගහලා Run කරන්න ඒම යන්න එපා, ඒම Run වෙන්නේ Public Class එකේ program එක විතරයි. අනික් එකට තව අඩුපාඩු ටිකක් තියෙයි Fill  වෙන්න. දැනට ඔයාලා මේ කතාව මතකේ යන්තමට තියාගන්නකෝ. තව ටිකක් ඉස්සරහදී ඔයාට මේ කතාව හොදටම තේරෙයි.

ඊලග කතාව අපි අපේ මුල්ම Java Program එක හැදුවේ Hello World කියන Out Put එක ගන්න, මෙතනදී අපි අපේ Java Program එක ගැහුවේ abc කියන class එක ඇතුලේ මතකයි නෙහ් කිව්ව Program එක Type ලකරනකොට එකම Character එකකවත් කෙස් ගහක වෙනසක් නැතිව Type

කරන්න කියලා. ඒකට හේතුවත් මං කියල තියෙයි Java Introduction කොටස් වල, ආයෙ කියන්නම්කො Java කියන්නේ Case Sensitive Language එකක් ඒ කියන්නේ Java File එකක් ඇතුලේ A සහා a කියන්නේ සිද්දීන් දෙකක්.

 

 

හරි ඊලගට එන්නේ public static void main(String[] args) මෙන්න මේ කොටස, මේකේ String වල S ඇරෙන්න අනික් ඔක්කොම අකුරු Simple. public static void main කොටස class කියන වචනේ වගේ හැම java Program එකකම එනව. අපි මේකට කියනවා main Method එක කියලා. Main Method එකේ Syntax එක තමයි මේ public static void main කියන්නේ. Main Method එකේ වරහන එක්ක ඇතුලෙ තියන Code එක (අපි බලපු Example එකේ නම් string[] args කියන කොටස) තමා Main method එක ඇතුලේ ක්‍රියාත්මක නැත්නම් Execute වෙන්නේ. public static void main කියන කොටස ඒම නැත්නම් Main method එක හැම Java Program එකකටම Common උනාට ඔය වරහන් ඇතුලේ තියන කොටස Program එකෙන් program එකට වෙනස් වෙනවා. ඒක ඉස්සරහට ඔයාට තේරෙයි. (Syntax කියන එකේ සිංහල නම තමා වාක්‍ය කන්ඩය කියන්නේ, ඒ වචනෙන් හරිම අර්තය ඔයාලට ගන්න අමාරුයි. මම මෙහෙම කියන්නම්කො සිංහල වල ව්‍යාකරන වගේ තමා Java වල Syntax, Syntax හරියට Use නොකලොත් ගහන Code එක වැරදී )

 හරි එතකොට දැනට ඔයා ඔයාගෙ Memory ට දා ගත යුතු අත්‍යවශ්‍ය කරුණු දෙක තමා මතක

  1. හැම Java program එකකම File Name එකට ගැලපෙන්න Class Name එක තියෙනවා 
  2. හැම Java program එකකම Main() Method එක Use වෙන බව.

ඊලග කතාව, System.out.println (), මේකේ System වල S අකුර ඇරෙන්න අනික් ඔක්කොම අකුරු simple වලින් එන්නේ. Main method එක ඇතුලෙ තියන අනික් Method එක තමයි මේ println() Method එක. මේකෙන් වරහන් ඇතුලට දාන්නේ අපිට ස්ක්‍රීන් එකේ ප්‍රින්ට් වෙන්න ඕන දේ, (මතකද අපේ Example එකේ Hello World කියන එක Screen එකට ගන්න උවමනා උනාම අප් වරහන ඇතුලේ ගැහුවා Hello World කියලා) වැඩිය හිතන්න එපා මේක ගැන, මෙතන Out කියන්නේ OutPut එක කෙටි කරලා Println කියන්නේ Print Line කියන එක කෙටි කරලා. මෙතන Println නැතිව Print කියන එක භාවිතා කලොත් පේලියෙන් පේලියට Out Put එක එන්නෑ, මේක ඔයාට බලන්න පුලුවන් Hello World කියන එක පේලි දෙකකට ගහල බැලුවොත්. අද post එකේ ඉවර Java Out Put කියන කොටසත් ඉවර උනාම තේරුම් යයි මේ කාරනාව ඔයාලට හොදටම, හරි

ඔන්න හරි මුලු program එකම පැහැදිලි කරගත්තනේ අපි. ඊලගට මේ කියන්න යන්නේ විශේශ කාරනා දෙක තුනක් ගැන.

  • අපි සාමාන්‍යෙන් English වලින් (), [], {}, පිලිවෙලින් bracket, square bracket, Curly bracket කියනව නෙහ්, දැන් එහෙම බෑ, ඔයාල දැන් Programmers ලා. Programming වලදී මේවට Use කරන නම් වෙනස්, () - Parenthesis, [] - Braces, {} - Curly braces කියල තමා අපි කියන්නේ මේවට.

  • ඊලග කතාව, {} වලින් තමා Code කාන්ඩෙක Start එකයි End එකයි Indicate  කරන්නේ, මේ කතාව අපේ Example එක බැලුවම ඔයාලට තේරෙයි.

  • ඊලග කතාව හැම Code Statemen එකක්ම(Code Statement එකක් කිව්වේ අන්තිමට වෙන්න ඕන දේ හරියට Println වගේ) semicolons (;) වලින් ඉවර විය යුතුයි, මේක නම් බිත්තියක ලොකුවට ලියල ගැහුවත් කමක් නෑ, Python ඒම ඉගනගත්තාම මේක අමතක වෙන්න හා වැරදි තැන් වලට දාන්න තියන සම්භාවිතාවය ඉතා වැඩී, ඒම් ඖනොත් program එක සම්පූර්නයෙන්ම වැරදී.

 

ඔන්න ඔක්කොම ප්‍රශ්න ටික විසදුව කියල හිතනව මම පලවෙනි කෝඩ් එකට අදාලව. දැන් බලමු Java OutPut ගැන චුට්ටක්,

 

Java Out Put

 

අපි මෙච්චර වෙලා කතා කලේ Println method එක අපට ඕන තරම් අදාල Out Put ඕන තරම් ගන්න පුලුවන්.

 




(මේකම print දාලා බලන්න. ඒක Home Work )

ඒනම් අදට ඔච්චරයි. බායි බායි මගේ කොල්ලනේ කෙල්ලනේ 😁😽







No comments:

Post a Comment