හායි මගේ යාලුවනේ, අදත් ඔයාලගේ Voldemort ආවා ඔයාලට හායි කියන්න. අද මං කියන්න වෙන්නේ Java Comments ගැන.
සාමාන්‍යෙන් අපි Comments කියන්නේ මොනාටද, අපි Comment එකක් use කරන්නේ මොකටද, Normally මොකක් හරි අදහසක් කියන්න ඒම නැත්නම් Special Mention කිරීමකට නේද, අන්න එමම තමා Java වල යෙදීමත්, java File එකේ Code එකක් Explain කරන්න හෝ Alternative Code Execute වෙන එක නතර කරගන්න (මෙතනදී Alternative Codes කිව්වේ අපේ Java File එකේ Include වෙන්න ඕන ඒත්, Final Output එකට එන්න ඕන නැති මොනා හරි අපට අවශ්‍ය Text එකක්. මේක Examples කරනකොට ඔයාට හොදටම තේරෙයි) වගේ දේවල් වලට අපි Java වල Comments Use කරනවා.
Comment එකක් type කරන ආකාර දෙකක් තියෙයි,
Single line Comment
Multi-Line Comment
SINGLE LINE COMMENT
Single line comment එකක් Type කරන්න Use කරන්නේ //. මේම Double slash දාලා අපි මොන විදියෙ දෙයක් type කලත් ඒ අදාල පේලිය execute වෙන්නෑ. පහල බලන්නකෝ
මේක execute කරලා බලන්නකෝ. පොඩි වෙනසක් වත් නෑ.
කොච්චර execute කලත් ඕක තමා උත්තරේට එන්නේ.
හරි ඊලග කතාව Multi line Comments.
Multi-line Comments
Multi line comment එකක් Type කරන්න Use කරන්නේ /*. මේම /* දාලා අපි මොන විදියෙ දෙයක් type කලත් ඒ අදාල පේලිය execute වෙන්නෑ. හැබැයි අපි මේක Single line වලදී වගේ එක Line එකකින් නතර වෙන්නෑ. මේක Multi Line නේ. අපිට ඕන තරම් දිගට type කරලා Comment එකේ Include වෙන්න ඕන දේවල් දාලා උඩ දාපු පිලිවෙලේ විරුද්ද විදියට ඒ කියන්නේ උඩ අපි /* නෙ දැම්මේ, එතකොට මේක ඉවර කරන්නේ මුලින්ම * දාලයි / දාන්නේ. පහල example එක බලන්නකෝ
Execute කලාම
ඔන්න ඕම එනවා.
හරි, දැන් Comment එකත් දාන්නත් දන්නවා. ඊලග Post එකෙන් Variables පටන් ගන්නවා වගේම ඉවරත් කරනවා. දිගටම ඉන්න අපි එක්ක. බායි බායි මගේ කොල්ලනේ කෙල්ලනේ 😁😽
No comments:
Post a Comment