Wednesday, 13 July 2022

Introduction to java II

ජාවා කියන්නේ high level, Object oriented programming language එකක්. මුලින්ම object oriented programming (oop - double op කියල මේක අපි programming වලඳි හදුන්වන්නේ)කියන්නේ මොකක්ද කියල බලමූ.

 

OOP Introduction

සාමාන්‍යයෙන් අපි programming වලඳි code එක, එක දිගට ගහගෙන යනවා. හිතන්නකෝ ඒ අදාල සම්පූර්ණ program එක පේලි 10000 ක එකක් කියලා. ඒම පේලි 10000ක් code කරගෙන යනකොට අපිට පේලියක හෝ දෙකක error එකක් එනව කියන එක සාමාන්‍ය මිනිස්සු වශ්‍යෙන් බොහොම සාමන්‍ය දෙයක්. රොබෝල නෙවෙයිනේ 💆, කොච්චර practice එක තිබ්බත් අතපසු වීම් code අනමතක වීම් වෙන්න පුලුවන්. ඔයා අර උඩ කිව්ව program එකේ පේලි 10000type කරල compile (මේක් ගැන කතා කරනව කලඹල වෙන්න එපා 😁) කරනකොට එනව error එකක්, හේ හේ හිමින් සැරේ ආයේ පාරක් තේ කෝප්පයක් එහෙම හදාගෙන ඉදගන්නකෝ ඒනම් මුලු program එකේම පේලි 10000 ම චෙක් කරන්න 😶. ඒ එක අවුලක්;

 

ආයේ මෙහෙමත් වෙන්න පුලුවන්, code එක එක දිගට ගහගෙන යනවා. හිතන්න ඔයා enterprise application එකක් හදන්නේ, private bank එකකට. සම්පූර්ණ program එක පේලි 80000 ක් කියල හිතන්නකෝ. ටිකක් ලොකු වැඩක් නිසා. 79999 වෙනි පේලියෙදි manager මහත්තයා දුවන් ඇවිත් කිව්වොත් අනේ මට තව අලුත් කොටසක් customer satisfaction වලට add කරන්න ඕන කියලා 💣💥. බෑ බෑ manager මහත්තයෝ මං code එක ගහල ඉවරයි කියනවට වඩා නම්බුයි code කිරිල්ල පැත්තක තියල ස්ව්‍යං රැකියාවල් සොයං කරන් ඉන්නවා 👻. 

 

මේ කාරනා දෙකම programming වලදි එන බොහොම common ප්‍රශ්න දෙකක්. ඒ කියන්නේ අපි වගේ අයට පහසු වෙන්න ඉස්සර උන්නු මොලේ ඇති වැඩිහිටියෝ මොකක් හරි කරල තියනව වෙන්න ඕන 👏. ඔව් ඔයා හරි 😁. ඒ විසදුම තමා OOP නැත්නම් Object Oriented Programming කියන්නේ.

 

සරළ අදහස මෙච්චරයි, කලින් ගත්තු banking application එකම ගන්නකෝ. කෝඩ් ටික් දිගට ගහගෙන යනවා,







මෙන්න මේක තමා ක්‍රමේ. මේ රූප සටහනේ පේන්නෙ තියන විදියට තියන අනු කොටස් වෙන වෙනම object වලට කඩාගෙන ඒව පොඩි code කෑලි වලට කඩාගන්නවා. ඊට පස්සේ main code එකට link කරනවා. Link කරනව කිව්වට වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි මේකෙදි කියන්නේ මේන් ජක්ලාස් එකෙන් call කරනව කියල programming වලදී. Main class එකට අදාට කොටස අවශ්‍ය උනාම Main class එකෙන් call කරලා අදාල code කොටසේ උදව්ව ලබාගන්නව තමන්ගේ task එක සම්පූර්ණ කරගන්න. තේරුම් ගන්න අමාරුටි වගේද ?? හැමෝටම familiar example එකක් කියන්නද මම, හිතන්න ලොකු hotel එකක kitchen එකක්. Chef ල හුගක් ඉන්නවනේ, එතන ප්‍රදාන chef 💪, Main meal එක හදනව, ඉතුරු chef ලා අර Main dish එකේ අඩුපාඩු වලට Main chef කියද්දී, ඒ අඩුප්ඩා සම්පූර්ණ කරනව. Same incident as oop, Easy 😉

 

මේ ක්‍රමේදි අර බරපතල ප්‍රශ්න දෙකටම උත්තර හම්බෙලා තියන විදිය ඔයාලට තේරෙනව ඇති 👌. ලොකු code කොටස් නෑනෙ. පොඩි කෑලි වලට කඩල තියන නිසා error එකක් ආවම හොයන එක කෝමත් easy, code එක ගහගෙන යනකොට අතරමැදට කෑල්ලක් එකතු කරන්න ඕන නම් කරන්න තියෙන්නේ ඒ code එක වෙනම කරලා main code ඒකට link කරන එක. Object oriented කියන්නෙ ඒක පොඩි වස්තූන් වලට program එක දිශානුගත කරනවා 


 

බුදාම්මෝ, එකවචනෙකට මෙච්චර හෑල්ලක්, හේ හේ වැඩිය හිතන්න එපා මේ කොටස programming වලඳි දිගටම ඕන, ඒක නිසා හොදට ඔලුවට basic idea එක දාල තියාගන්න.


 High-Level Language

ඊලඟ වචනේ, high level language; බලමු ඒකත්, Computer language ආකර තුනයි.


High-level Language, මම අනිත් Language දෙක ගැන පොඩි introduction එකක් දුන්නේ comparatively high level language එක ගැන කතා කරන්න පුලුවන් වෙන්න. Low level කියන්නේ 1, 0 එහෙම නැත්නම් machine language එක. හුගලක්ම අඩු දියුණුවක් සහිත භාශාවක්. Middle level language එක කියානේ Assembly language එක normally හුගක්ම use වෙන්නේ symbols. ඒක සාපෙක්ශව Machine language එකට වඩා දියුණු තැනක තියනවා, ඒත් ඒකත් සාමාන්‍යයෙන් දුයුණුව මදි මිනිස්සුන්ට තේරුම් ගන්න අඩමාරු මට්ටමක තියන භාශාවක්. නමුත් High level language එක කියන්නේ, මිනිස් භාශාවට සෑහෙන්න සමානකමක් තියන Computer Language Type එකක්.

  


High language design කරල තියෙන්නේ ලේසියෙන්ම මිනිස්ස්න්ට හසුරවන්න පුලුවන් වෙන්න. මේ Language සමහරක ඒවා Platform independent, ඒ කියන්නේ Computer එක අදාල නෑ, මෙයාල Run එනව, හැබැයි සමහර ඒව එහෙම නෑ. හරි දැන් High level Language ත් හරි. ඊලගට අපි කතා කරන්න යන්නේ Compilers And Interpreters ගැන.


දිගටම Voldemort එක්ක ඉන්න, අපි තව දවස් දෙකකින් පටන් ගන්නව App හදන්න ඉගන ගන්න මූලික අදියර පටන් ගන්න 😁😽




 




 

No comments:

Post a Comment