Wednesday, 13 July 2022

Intro and History of java I

Hi ළමයි, කොහොමද අද දවස 😗. අද මම හිතා ඉන්නේ History of java, නැත්නම් ජාව හි විචාරය සිද්ද උනු විදිය ගැන පොඩ්ඩක් කතා කරලා ඉවරයක් නැති මේ Theory කෑල්ලට ආයුබෝවන් කියල දාන්න . එතකොට හෙට ඉදන් අපිට පුළුවන් ප්‍රෝග්‍රෑම් කරන්න පටන් ගන්න

 ඇමරිකානු පරිගනක ආයතනයක් වන Sun Micro system කියන ආයතනෙන් project එකක් ආවා මේකේ නම උනේ "The Green Project" . මේ project එක කරන එකේ අරමුණ උනේ Portable programming language එකක් හදන එක. (ඒ කිව්වේ එක පරිගණකයකට විතරක් විශේශිකරණය නොවූ ඕනෑම පරිගණකයකට දාල වැඩ කරන්න පුලුවන් Programming language එකක්. තවදුරටත් Portable කියන වචනේ මම පැහැදිලි කලොත් Chrome කියන්නේ Portable software එකක්, ඒක ඕනම Computer එකකට දාල වැඩ කරන්න පුලුවන් නේ, ආ අන්න ඒ වගේ Java කියන්නේ Portable programming language එකක්, ඕනම කම්පියුටර් එකක, ඕනම Operating system එකක වැඩ කරන්න පුලුවන්. මතකනේ අපි කතා කලා Platform independent, ආ අන්න ඒකෙ තේරුම ඕක තමා)

 

James gosling මූලික වෙලා කරපු මේ “The green project ” එකට පින් සිද්ද වෙන්න මෙයාලට පුලුවන් වෙනවා Portable programming language එකක් Develop කරන්න, මේම හොය ගත්තු programming language එකට තිබ්බ නම Oak 😳 . හේ හේ එක අහලා oops උනා නේද, මාත් ඒම තමා. මේකට ඒ නම දෙන්න හේතු උනේ Oak කියන්නෙ ගහක් කියන්න ඔයාල හැමෝම දන්නවනේ ? මේ ගහා හොද ශක්තිමත් ටිකක් රූස්සෙට වැඩෙන ගහක් වගේම යුරෝපීය හා ඇමරිකානු මහද්වීපයේ රටවල් කිහිපයකම Oak තමා  ජාතික ශාකය වෙන්නේ. මට අනුව නම් කොච්චර ලොකු ගහක් උනත් ඒ නම Language එකකට ගැලපෙන්නෑ. නැද්ද මම අහන්නේ 😕

 

මට 2022 දී හිතුන දේ වාසනාවට එයාලට, 1995 දිම හිතෙනවා, මේ Oak කියන නම වෙනස් කරලා වෙන නමක අවශ්‍යතාවය Green team (Green project එක කරපු Set එක) එකට දැනෙනවා. මේකට Suggest වෙච්ච නම් වල Java කියන නම තිබිල තියෙන්නේ හතරවෙනි තැන. පලවෙනියටම තිබිල තියෙන්නේ Silk කියල නමක්, ඒක හොදයි ගව්ම්‍ රෙද්දක නමකට නම් 😑. කෝම හරි අන්තිමට හැමෝම කැම්ති උනු නම තමා Java.

 

(Java කියන්නේ Computer language එකක් ඒක හරි, ඒත් Java කියන්නේ Reputed Coffee lounge එකක් කියන්න දන්නව නේ ඔයාල, මේ Java කියන coffee lounge එකේ Origin එක ගැන කතා කලොත් Java කියන්නේ, Indonesia වේ තිබ්බ දුපතක් අහලා තියනව නෙහ්, ජාවා සුමාත්‍රා 👀 අන්න ජාවා තමා, එයාලා තමා මුලින්ම Coffee නිෂ්පාදනයක් Launch කලේ (දැනුම පොතට යමක් 😁), සීතල රටවල මිනිසුන් coffee වලට කොච්චර Addicted ද කියන්න දන්නවනේ)

 

1995 දිම Green team එක එයාල හොයාගත්තු Portable programming language එකට  Java කියන නම් දැම්මා . මෙයාල මේ Language එක Market කරන්න ගත්ත ප්‍රසිද්ද වාක්‍ය තමා Write Once, Run Anywhere (එකවරක් code කරන්න, ඔනම තැනක run කරන්න). ඒක දකිනකොටත් මාර Cool නැද්ද 😀, මේ වාක්‍ය දෙකම තමා Java වල අද තියන Reputation එකට හේතු උනු Golden words උනේ.

 

1995 ඉදලා අද වෙනකන java Develop වෙනවා, Java වල පලවෙනි Version එක JDK 1.0 launch කලේ 1996 දී එදා ඉදන් අද වෙනකන් Updates කිහිපයක් වෙලා වර්තමානෙ අපි Use කරන්නේ java 14 එක ,

 

  • JDK 1.0 - 1996 දි.
  • JDK 1.1 1997 වසරේදී පළමු version එක(JDK 1.0) වැඩි දියුණු වුයේ inner classes, javaBeans, JDBC, RMI සහ Reflection යන තාක්ෂණයන්ගෙන්.
  • J2SE 1.2 version එක 1998 වසරේදී නිකුත් වුනා. මේකේ java swing graphical API, java plug-in, collection framework සහ JIT compiler අතර්ගටහ් වෙලා තියනවා.
  • J2SE 1.3 2000 වර්ෂයේදී ඉදිරිපත් උනේ. Hotspot නමින් JVM සංස්කරණයද, java sound API, JNDI interface සහ debugging Architecture ප්‍රධානව අන්තර්ගත වෙලා තිබ්ලා තියනවා..
  • J2SE 1.4 සංස්කරණයෙහි Regular Expression(RegEx), logging API Security සහ Cryptography මූලිකව අන්තර්ගත වෙලා තිබිලා තියනවා.. මෙය නිකුත් වෙලා තියෙන්නේ 2002 වර්ෂයේදී.
  • J2SE 5 2004 නිකුත් වු version එකයි. මෙහි variable argument, for-each වැඩි දියුණු වීම් සහ metadata and enumeration ප්‍රධනව අඩංගු විය.
  • J2SE 6 version එකෙහි JDBC 4.0 සංස්කරණයද GUI වැඩි දියුණු වීම් සහ තවත් කාර්යක්ෂමතාවයන් වැඩි දියුණු කර ඇත.
  • 2010 වසරේදී Oracle සමාගම Sun micro system ආයතනය මිළට ගැනුනි.
  • ඉන් පසුව J2SE 7 version එක නිකුත් වුයේ strings, switch statement සහ try catch සමග 2011 වර්ෂයේදීය.
  • J2SE 8 version එක 2014 වසරේදී නිකුත් වුයේ lambda expression සමගිනි. දැනට භාවිතා වනුයේ මෙම version එකයි.
  • J2SE 9 version එක 2017 වසරේ සැප්තැම්බර් 21 වන දින නිකුත් උනා.
  • J2SE 10 version එක 2018 වසරේ මාර්තු 20 වෙනිදා නිකුත් උනේ වුයේ
  • J2SE 11 version එක 2018 වසරේ සැප්තැම්බර් මාසයේ නිකුත් වුනා
  • J2SE 12 version එක 2019 වසරේ මාර්තු මාසයේ නිකුත් කලා
  • J2SE 13 version එක 2019 වසරේනි ස්කැප්ත්තැම්බර් මාසයේ නිකුත් වුනේ
  • J2SE 14 version එක 2020 මාර්තු වල්දි නිකුත් උනා, දැනටත් භවිතා වෙන්නේ මේ version එක

 

java versions ගැන සහ ඒවායේ අඩංගු වු සියලුම විශේෂාංගයන් දැන ගැනීමට www.oracle.com සයිට් එකට යන්න , All is there.

 

ඔන්න හරි, ජාව ගැන තිබ්බ වටපිටාව ඕකොම කතා කරලා ඉවරයි. මේ දේවල් එකක් වත් කටපාඩම් කරගන්න වත් programming කරනකොට ඕන දේවල් වත් නෙවී, programming කියන්නෙ හරිම practical subject එකක්, ඒකේ theory ඇත්තෙම නෑ. codes ටික පොඩ්ඩක් මතක තියාගන්න ඕන, ඒකත් කරනකොට කරනකොට හරියනවා, එතකොට ඇයි මං මේ හෑල්ලක් කිව්වේ , මේ දේවල් ඔයා දැනගෙන ඉන්න ඉතිම්. අනික ඒ තොරතුරු හරි රසවත්. අනික අපි දෙයක් කරනකොට ඒක ඉස්සර තිබුනේ කෝමද ඒක මේම උනේ කෝමද වගේ ප්‍රශ්න වලට උත්තර තියෙන්න ඕන උඩින් පාත් උනා වගේ නැතිව , කොහොම හරි හෑලි ඉවරයි, හෙට ඉදන් අපි කරන්න හදන්නේ Full marvelous, Full practical මේ ලෝකේ තියන අතිශය ඇබ්බැහි වන සුලු විනෝදාංශය වන, programming පටන් ගන්න 😍, හෙට වෙනකන් ඉවසන්න ලමයි, පලවෙනි පාඩම අරං එන්නම්.

 

අදට බායි ඒනම් කොල්ලනේ, කෙල්ලනේ 😁😻

 

2 comments: