Wednesday, 13 July 2022

COMMANDS IN DOS 2

හායි කොල්ලනේ කෙල්ලනේ ඔන්න අදත් මං ආවා. 😁


අපි කලින් Note එක නතර කලේ Directories හදන විදිය බලලනේ,අද බලමු Files හදන විදිය, File එකක් හදනකොට එන්න ඕනි කෝඩ් එක,


CREATING USING MS-DOS


Copy null a.txt


Code එක තමා Copy null කියන්නේ, මේකේ Null කියන එකේ තේරුම හිස් කියන එක. A කියන්නේ File name එක, ඒක නම් Dependable. අපිට කැමති නමක් ඒකට දාගන්න පුලුවන්. Extension එකත් ඉතිම් අපිට හදාගන්න ඕන File format එක අනුව Depend වෙනවා.


INSERT A MESSAGE TO A FILE


දැන් බලමු File එක ඇතුලට Message එක දාන්නෙ කොහොමද කියලා, 

Ex: a කියන txt file එකට WELCOME කියන message එක දාන්න ඕන නම් මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ,


Echo WELCOME > a.txt


අපි ඊලගට බලමු File එකක් ඇතුලේ තියන data බලන විදිය. 

Ex: a කියන File එක ඇතුලේ තියන Data බලන්න අපි


CHECK CONTENT IN A FILE


more a.txt 


කියල Type කරන්න ඕන. 


අපි දැන් මූලික වශයෙන් දැනගන්න තිබ්බ Commands ටික බැලුව


OTHER BASIC CODES


Dir

ෆෝල්ඩර් ර්ක ඇතුලේ තියන Content එක මේජකෙන් ගන්න පුලුවන්. ඒ කියන්නෙ අපිට අව්ශ්‍ය තැන්ට ගිහින් මේ කෝඩ් එක දාලා enter කලාම Folder Content එක ගන්න පුලුවන්.



Tree

Folder එක ඇතුලේ තියන Sub folders වල tree structure එක ගන්න පුලුවන් මේක භාවිතයෙන්. 


Tree/F

Folder එකේ Tree structure එකත් එක්කම, ඒ Folder එකේ Sub folders ඇතුලෙ තියන Files ටිකත් Structure එකට ගන්න පුලුවන්.  


Date

අද දවස ගන්න පුලුවන්


Time

දැන් වෙලාව ගන්න පුලුවන්


Help

Commands සම්බන්දයෙන් උදව් ලබාගන්න Command එක. ඒ කියන්නේ Commands වල ඔක්කොමවිස්තර ටික එනවා. Help Command එකත් එක්ක අපිට ඕන Command එකක් Type කලාම ඒ Command එකට අදාල සියලුම යෙදුම් ටික ලබාගන්න පුලුවන්.


Cls

Cls(Clear Screen) මේකෙන් මෙච්චර වෙලා ඔයා ගහපු ඔක්කොම Command ටික Clear වෙලා Clear කරන්න කලින් තිබ්බ Directory එකට එනවා



හරි එහෙනම් ඔන්න, MS DOS ඉවරයි. 😋 හෙට පටන් ගමු java කියන්නෙ මොකක්ද කියල දැනගන්න 😉, අදට එහෙනම් බායි කොල්ලනේ කෙල්ලනේ 😁😽



No comments:

Post a Comment