Tuesday, 12 July 2022

Commands in DOS

Hi ළමයි, ඔයාලගේ ලෝඩ් ඔන්න අදත් ආවා 😁, හරි අද අපි කතා කරන්නේ DOS හි භාවිතා කරන විදාන( එහෙම නැත්නම් Commands) එකම ව්‍යූහයකට ( එහෙම නැත්නම එකම Structure එකකට තියෙන්නේ) පහල තියෙන්නේ ඒ Structure එක,


COMMAND SOURCE DESTINATION / SWITCH

(මෙතන Switch කියන එකෙන් තමා විදානය සදහා මූලික විකල්පය ලබාදෙන්නේ, ඒ කියන්නේ ප්‍රදාන කාරනාව වගේ Idea එකක් තියෙන්නේ)

Ex:

a:/ file.txt / C: \ /V

(මේ /v අකුරෙන් තමා මූලික වශ්‍යෙන් අන්තිමට සිද්ද වෙන දේ පැහැදිලි වෙන්නේ, ඒ කියන්න්නේ ඒක තමා Switch එක. මෙතන /V කියන්නේ Paste කරන්න use කරන switch එකක්)

ඔයාල දැන් Command prompt (CMD) එක Open කරගෙන නේද ඉන්නේ, කලින් පාර සටහන මම එතනින්නේ නතර කලේ, ඒක Open කරපු ගමන් ඔයාලට මෙන්න මේ වහගේ දෙයක් දකින්න හම්බෙයි.

 


මේකේ මේ උඩම තියන පේලිය ඒ කියන්නේ C:\Users\my pc> කියන්නේ MS DOS දැන් ඉන්න directory එක, සරලව කිව්වොත් අපි දැන් කමාන්ඩ් එකක් දුන්නොත් ඔතන ඉදන් තමා එයා ඒක සඳහා ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ MS DOS කියන්නේ අපි කියන විදියට වැඩ කරන Robo කෙනෙක් කියල හිතන්නකෝ. එයාට අපි කිව්වොත් දැන් Folder එකක් හදන්න කියලා එයා ඒ Folder එක හදන්නේ

C:\Users\my pc> කියන තැන. අපිට Folder එකක් හදන්න ඕන තමයි ඒත් ඒ මේ C:\Users\my pc> තැන නෙවී, ආ ඒක ඒම නම් අපි ඔය ඉන්න තැන වෙනස් කරන්න ඕන, ඒ කියන්නේ MS DOS ගේ පිහිටීම වෙනස් කරලා එයාටව අපිට ඕන තැනින් තියලා ඊට පස්සේ විදානයක් නිකුත් කරන්න්ද ඕන, ඒකට අපි කියනව Directory එක Change කරනව කියලා.

 

CHANGE DIRECTORY

Directory එක Change කරන්න අපි පාවිච්චි කරන Command එක cd (මේ CMD එකේ Use කරන කෝඩ්ස් Case sensitive නෑ ඒ කියනේ අකුරු Capital simple වෙන එක මත Command එක Depend වෙන්නෑ) CD(Change Directory)

Ex: අපි දැන් ඉන්නේ C:\Users\my pc> කියන තැන, මෙතනින් අපිට Directory එක Desktop එකට Change කරගන්න ඕන නම් අපි Type කරන්න ඕන Code එක එන්නේ මෙන්න මේ විදියට,


C:\Users\my pc>Cd Desktop

(අනිවාරෙන්ම මේ කෝඩ්ස් තනියෙන් Try කරන්න නැත්නම් ටික වෙලාවකින්ම මේව අමතක වෙන්න හා පැටලෙන්න තියන ඉඩ වැඩී 👌)

හරි දැන් දන්නව ඉන්න Directory එකෙන් වෙන directory එකකට යන්න, මෙතනදී අපි මේ Directory මාරු කරන එක කරන්න ඕන පිලිවෙලක් තියනවා, ඒ කියන්නේ ඔයාට my pc එකේ නැති directory එකකට යන්න බෑ, my pc එකේ තියන Folder එකක ඇතුලක නම් ඔයාට ඕන folder එක තියෙන්නේ, මුලින්ම ඔයා my pc එකේ තියන ඒ අදාල Folder එකට ගිහින් ඊට පස්සෙයි ඒ Folder එක ඇතුලේ තියන Sub folder එකට යන්න ඕන. තේරුනාද 😬, හරි උදාහරනයක් බලමු

Ex: ඔයට යන්න ඕන desktop එක ඇතුලේ තියන blog කියන folder එකට, ඒත් my pc එක ඇතුලේ තියෙන්නේ desktop එක, desktop එක ඇතුලෙයි blog තියෙන්නේ, එතකොට C:\Users\my pc>cd blog කියල type කලාට directory එක වෙනස් වෙන්නෑ, try කරලා බලන්න, එතකොට The system cannot find the path specified කියන error එක එනවා, ඒනම් මේක කරන්න ඕන මුලින් C:\Users\my pc>Cd Desktop න් Desktop එකට ගිහින් එතනින් C:\Users\my pc\Desktop>cd blog මේ Command එක දීලා ඉස්සරහට යන්න ඕන.

Interface

C:\Users\my pc>



01.පියවර

C:\Users\my pc>cd Desktop

C:\Users\my pc\Desktop>

02.පියවර

C:\Users\my pc\Desktop>cd blog

Output

C:\Users\my pc\Desktop\blog>


තේරුනා නේද…?

හරි ඊලග ප්‍රශ්නෙ, දැන් මේම එක folder ඇතුලෙ තියන folder එකකට යන එක හරි කමක් නෑ කියමුකෝ පියවර තුනයිනේ, Desktop එක ඇතුලේ තියන වෙන Folder දෙකකින් 😐එකක් තෝරගෙන ඒක ඇතුලෙ තියන වෙන folder එකක් ඇතුලෙ 😬 තව folder එකක් 😣 හෝ හෝ… මේ මොනද මේ සිංහලද 👀 හරි මගෙ ප්‍රශ්න, මෙහෙම එක දිගට Folders පහක් විතර තිබ්බොත් අර උඩ වගේ හිමින් සැරේ එකින් එක කලබලයක් නැතිව් Command type කර කර යනවද 😐, ඇයි CMD එකේ Command type කරනවට වඩා වෙන වැඩ නැද්ද අපිට 😒, Chill guys ඒකටත් ක්‍රමයක් තියෙයි, folder ඇතුලේ තියන Sub folder එකකට එක පාරින් යන්න පුලුවන් 😉. ඒකට ඔයා Current directory එක ඉස්සරහා Cd කියල type කරලා සම්පූර්ණ path එක / දදා හරියටම Folder එකේ නම් Simple Capital අකුරු බල බල type කරන්න ඕන,

උඩ Ex එකම ගන්නකෝ, ඔයාට Blog කියන් Sub Folder එකට යන්න ඕන නම්,

 

C:\Users\my pc> cd Desktop/blog

 

කියල type කරලා Enter කරාම එක පාරින් යන්න පුලුවන්, Easy 😁

මේකෙම අනික් පැත්ත, ඉන්න Directory එකෙන් ආපිටට එන්න ඕන නම් cd කියල සුපුරුදු විදියට Type කරලා ..(dot දෙකක්) Type කරලා enter කරන්න තියෙන්නේ, දෙකට වඩා type කලත්, Dot එකක් විතරක් Type කලත් එන්නේ ඉන්න directory එකටමයි.

 

 

C:\Users\my pc\Desktop\blog>cd..

C:\Users\my pc\Desktop>cd..

C:\Users\my pc>

 

මෙතනත් එක පාරම blog ඉදන් my pc එන්න ඕන නම්,

 

C:\Users\my pc\Desktop\blog>cd../..

C:\Users\my pc>

 

CHANGE DRIVE

 

හරි ඔන්න මේ සැරේ අතගහන්න යන්නේ ලොකු වැඩකට 👀, එකපාරින්ම Drive එක මාරු කරන්නයි මේ ලෑස්තිය 😁. දන්නව නේද Drive එක කියන්නේ මොකක්ද කියලා, C:\Users\my pc> ගත්තොත් C කියන්නේ මෙතන Drive එක

 


 

හරි අපි මේ යන්නේ DOS ඉන්න Drive එක Change කරන්න. මේක කලින් කරපු වැඩත් එක්ක මාර ලොකුවැඩක් වගේ පෙනුනට මේක හරිම සරලයි, කරන්න තියෙන්නේ තමන්ට මාරු වෙන්න අවශ්ය Drive එකේ අකුර Type කරලා colons type කරලා enter කරන්න.

 

Ex: C:\Users\my pc> න් ඔයාට E drive එකට යන්න ඕන නම්,

 

C:\Users\my pc>E:

E:\>

 

ඔන්න අපි E එකට මාරු උනා, Easy 😁.

 

MAKE DIRECTORY

 

හරි දැන් Directory එක මාරු කරන්න, Directory එකෙන් Directory එකකට මාරු වෙන්න, Drive මාරු කරන්න හැම දේම දන්නවා, මේ ලෑස්ති වෙන්න Directory එකක් හදන්න 😀, තේරෙන භාශාවෙන් කිව්වොත් Folder එකක් හදන්න.

 

ලොකු දෙයක් නෑ අපිට Folder එකක් අලුතින් හදන්න ඕන Folder එකට ගිහින් mkdir කියන Command එක type කරලා අපිට අලුත් Folder එකට දාන්න ඕන නම type කරල Enter කරන්න තියෙන්නේ.

 

Ex: දැන් ඔයා ඉන්නේ C:\Users\my pc එකේ, ඔයා Desක්top එකේ blog කියන folder එකට ගිහින් ඒක ඇතුලේ BlogImages කියල Folder එක හදන්න ඕන.

 

C:\Users\my pc>cd desktop/blog

C:\Users\my pc\Desktop\blog>mkdir blog images (මේ විදියට Blog Images වෙන වෙනම Type කලොත් ඔයාට අලුත් directories ඒම නැත්නම් Folders දෙකක් හදාගන්න පුලුවන්)

 

 

 

C:\Users\my pc>cd desktop/blog

C:\Users\my pc\Desktop\blog>mkdir blogImages (මේම Type කරල එක Directory එකක් හදාගන්න පුලුවන් අපිට, දැන් තේරුනා නේද mkdir command එක type කරලා ඕන තරමක් directories හදාගන්න පුලුවන් අපිට) 😁

 

 

 

ඊලඟ කතාව අපිට Directory එක හදන්නේ මොකක් හරි අපිට උවමනා තැනකනේ, ඒ උවමනා තැන Select කරගෙන directory එක හදන එකත් එක පාරින්ම කරන්න පුලුවන්,

Ex: ඔයාට blogImages Directory එක හදන්න ඕන blog කියන Folder එකේ Task1 කියන sub folder එක ඇතුලේ, එතකොට Code එක එන්න ඕන මෙන්න මෙහෙම,

C:\Users\my pc\Desktop\blog>mkdir Task1\blogImages

 

මේ විදියටම Files හදාගන්න පුලුවන්, අපි ඒක හෙට බලමු. හරි අඳට කතා කරන්න plan කරපු ටිකත් ඉවරයි, හෙටින් අපි MS DOS ඉවර කරලා ඊලග දවසෙ ඉදන් Java ගැන කතා කරන්න පටන් ගන්නව, අදට ඒනම් බායි කොල්ලනේ, කෙල්ලනේ😁😽

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

No comments:

Post a Comment