haiiiii කොල්ලනේ කෙල්ලනේ, ඔන්න අදත් ආවා Voldemort ඔයාලව හොයාගෙන 😍අන්තිමට දාපු Post එකේදි අපි කතා කරලා ඉවර කලේ Java Strings ගැන.අද අපි කතා කරල ඉවර කරන්න යන්නේ Java Math and Boolean ගැන. මේක ලොකු කොට්සක් නෙවී, ඉක්මනින්ම බලලා එකපාරම ඉවර කරලා දාමු එහෙම නම් 😁, එක පෝස්ට් එකයි සියල්ල Done And Dusted😁
Java Math
Java Math කියන්නේ මෙච්චර කල් කතා කලා වගේ Variable Type එකක් ඒම නෙවී. Math කියන්නේ Class එකක්. මේ Class එක ඇතුලේ විවිධ වර්ගයේ Method හුගක් තියෙයි ඕනම ආකාරයක Mathematical Task එකක් සම්පූර්ණ කරන්න. අපි ටිකක් ඒ ගැන කතා කරමු. Math Class එක Use කරන්නේ විවිද වර්ගයේ Mathematical Operations කරන්න.
Math.max(x,y)
සාමාන්යෙන් Syntax එක බැලුවම තේරෙනව නෙහ් ලාවට Maximum Number කතාවක්, ඔව් ඒම එකක් තමා මෙතනදි වෙන්නේ, උඩ මාතෘකාව තියන විදියටම Code එක ගැහුවොත් OutPut එක විදියට X හා Y ගෙන් ලොකු එක්කෙනා ලැබෙනවා. එතකොට ඔයාට තේරෙන්න ඕන Math.Max Use කරන්නේ Highest Number එක හොයන්න කියලා. පහල example එකෙන් තව ටිකක් පැහැදිලි කරගන්නකෝ,
Math.min(x,y)
කලින් එකට වගේම මේකේදි එන්නේ Minimum Value එක. උඩ මාතෘකාව තියන විදියටම Code එක ගැහුවොත් OutPut එක විදියට X හා Y ගෙන් ලොකු එක්කෙනා ලැබෙනවා. එතකොට ඔයාට තේරෙන්න ඕන Math.min Use කරන්නේ Lowest Number එක හොයන්න කියලා. පහල example එකෙන් තව ටිකක් පැහැදිලි කරගන්නකෝ,
Math.sqrt(X)
Square root එහෙම නැත්නම් වර්ගමූලය හොයන්න මේක පාවිච්චි කරන්නේ.
Math.abs(X)
Absolute Value එක ඒම නැත්නම්, මාපංක අගය, ධන අගය ඔය ඕන එකක් ගන්න පුලුවන්,
Random Numbers
Math.random() කියල තමා මේකේ Syntax එක එන්නේ. මේකේදි අපිට 0.0 හා 0.1 අතර තියන Random Numbers වලින් එකක් ලබාදෙන එක තමයි කරන්නේ. (මේ දේවල් වල ප්‍රායෝගික භාවිතයන් එක්කම පැහැදිලි කරගන්න පුලුවන් OOp වලදී, එතකන් මේ ටිකේදි චුට්ටක් ඉවසීමෙන් දල අවබෝදයක් ගමු මේ දේවල් වල)
ඔයා Math.random() කියන Code එක පාවිච්චි කරාම හම්බෙන්නේ 0.0 හා 0.1 අතර Random Number එකක් කියලා මම කිව්වනේ, එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් එනව වෙන ඕනෑම Number දෙකක් අතර Random Number එකක් ගන්නව නම් අපි මොකද කරන්නේ කියලා. ඒකත් කරන්න පුලුවන්, Syntax එක එන්නේ මෙහෙමයි, හිතන්නකෝ උවමනා 0-100 අතර කියලා, එහෙම නම්
Int randomNum = (int)(Math.random() * 101);
මහ දෙයක් නෑ, පැහැදිලී නේද. අවශ්‍ය නම්බර් එක 0 හා 100 අතරනේ, එතකොට * පස්සේ දාන්නේ 100 පස්සේ තියන අංකේ.
මේක බැලුවම ඕනම අංක දෙකක් අතර Random Number එකක් හොයන ක්‍රමේ තේරුම් ගත්තා නම් Congratulations, ඔයා පුංචි පහේ හපනෙක්ට වඩා දක්ශයෙක් 😉🥳, නොතේරුනු අයත් කලබල වෙන්න එපා මම කියාදුන්නට පස්සේ ඔයාලටත් පුංචි පහේ හපනෙක්ට වඩා දක්ශයෙක් වෙන්න පුලුවන්. හැබැයි දැන්ම නෙවී. මේ සීමාවෙ මීට වඩා Variations වල Random Numbers හොයන්න බෑ. ඒකට Random කියන Class එක උවමනා වෙනවා, ඉස්සරහ පාඩම් වලදී අපි ඒ දේවල් ඉගන ගම්මු.
Java Booleans
ගොඩක් වෙලාවට Programming වලදී, ඔයාට Yes/No , On/Off හෝ true/false වගේ Value දෙකක් විතරක් තියන Data Type එකක අව්ශ්යතාවය මතුවෙනවා. මෙන්න මේ අවශ්‍යතාවය වෙනුවෙන් තමාBoolean කියන data Type එක Introduce කරලා දීලා තියෙන්නේ. මේකේ තියෙන්නේ True or False කියන Value දෙක විතරයි.
Boolean Values
Boolean data Type එකේ Variable එක හදන්නේ Boolean කියන Keyword එකෙන්. ඒ වගේම එයාලට එන්න පුලුවන් එකම Value Type එක වෙන්නේ true or false විතරයි. මං කලින් කිව්වා මතකද කලින් Conditional testing කියලා, (ඊලග පාඩමේ මෙව්ව එපා වෙනකන් කියාදෙනවා 😁) නැත්නම් කොන්දේසි සහිත පරීක්ශන කියලත් කියන්න පුලුවන්, මේව එක්කෝ හරි නැත්නම් වැරදී කොයි වෙලේවත් හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන්, ඒම නැත්නම් හරිත් නෑ වැරදිත් නෑ වගේ උත්තර දෙන්න බෑ. එක්කෝ True නැත්නම් False
Boolean expression
Boolean expression එකක් කියන්නේ Java expression එකක්, නැත්නම් Java ප්රකාශනයක්. මේකේදිත් ඉතිම් උඩ පැහැදිලි කරපු විදියට True Or False තමා OutPut එක විදියට එන්නේ.
මතකද අපි Comparison Operators කියලා වර්ගයක් ඉගන ගත්තා, අපිට පුලුවන් ඒව use කරලා Boolean Expressions හදලා ඒවයි Boolean value එක ගන්න.
ප්රකාශනයක Boolean value එක තමයි Java Comparison එකක පදනම වෙන්නේ. ඒ කියන්නේ අපි 10>6 කියල ප්රකාශනයක් ගොඩනගන්නේ ඒක True ද False ද කියල දැනගෙනනේ. අන්න ඒක නිසා තමා කිව්වේ පදනම Boolean value එක එහෙම නැත්නම් True ද false ද කියන එක කියලා.
හරි, ඔන්න Math And Booleans ත් ඉවරයි, ඊලග දවසේ අපි කතා කරනවා වගේම කතා කරලා ඉවර කරනව If else Statment එහෙම නැත්නම් Conditional Statment ගැන.
අදට එහෙනම් මෙච්චරයි. Bye මගේ කොල්ලනේ කෙල්ලනේ 😁😽
No comments:
Post a Comment