Have a nice day Boys and Girls, ඔන්න අදත් ආවා Voldemort ඔයාලව හොයාගෙන 😍
අන්තිමට අපි කතා කරලා ඉවර කලේ Java Math and boolean ගැනනේ.අද අපි කතා කරන්න යන්නේ, java Conditional Statement ගැන. මේක හුගක් පොඩිත් නෑ, හුගක් ලොකුත් නැති කොටසක් 😁. ඉක්මනින් කතා කරලා ඉවර කරමු එක පෝස්ට් එකයි සියල්ල Done And Dusted😁,
හරි පටන් ගමු අද මාතෘකාව ඒම නම්, Java Conditional Statements.හරි මම කිව්වනේ Conditional Statement එපා වෙයි කියලා. ඔන්න හේතුව, මේකෙදි ඔයාලට Java Conditional Statement ජීවිතේ වගේ වෙන්නයි යන්නේ.
Conditional Statement කියන එකට Example එකක් ආශ්රයෙන් පොඩ්ඩක් පැහැදිලි කරන්නද මම, හැමෝටම Familiar Example එකක් විදියට අපිට ගන්න පුලුවන් Limited Access සහිත Content තියන web site එකක් ගැන හිතන්නකෝ. ඒ කියන්නේ Adults ලට විතරක් 🤭, ඒ වගේ තැනකට ගියාම මුලින්ම වැටෙන්නේ ඔයාට වයස කීයද, කියලානෙ. වයස Enter කලාම එයාලගේ Policy වලට අනුව ඔයාලට සයිට් එකට යන්න පුලුවන් නම් යනවා නැත්නම් ඔයාට යන්න බෑ, Restrict වෙනවා, ඒකේ Program එක තියෙන විදිය සැකිල්ලක් වශයෙන් අපි හිතුවොත් තියෙන්නේ,
Age = 18 + නම්,
Go to Website
Age >=18 නම්,
Redirect to home page
ඔන්න ඔය වගේ. Conditional Statement ගැන දල අදහසක් එන්න ඇති කියල හිතනවා දැන්.
Java Conditions And If Statement
සාමාන්‍ය ගණිතයේ භාවිතාවන ගණිත ප්රකාශනයන්,
Less than (<)
Less than or equal (<=)
Greater than (>)
Greater than or equal (>=)
Equal (=)
Not equal (|=)
මේ ගණිත ප්‍රකාශයන් භාවිතා කරලා අපිට හදන්න පුලුවන් Conditional Statement එකක් කියන්න බලන්න, අපිට පුලුවන් මෙහෙම එක ප්රකාශනයක් කියන්න, 20 < 24 නම්, True කියලා Print කරන්න. ඔන්න ඔය වගේ ඒව තමා මේ ප්‍රකාශන් භාවිතයෙන් හදන්න පුලුවන් Conditional statement .
දැන් අපි If Else එක්ක Conditional Statement එන විදිය පියවරෙන් පියවර හොදට පැහැදිලි කරගන්නයි මේ යන්නේ,
ජාවා වල Condition Statement 4 ක් තියනවා, ඒව
if
else
else if
Switch
කියලා නම් කරලා ගන්න පුලුවන් මේවයින් එකින් එක පැහැදිලි කරගමු අපි.
If
නිශ්චිත වශයෙන්ම සත්‍ය කොන්දේසියක් තියෙයි නම් එම කොන්දේසිය ක්‍රියාත්මක(Execute) කරගන්න if statement එක භාවිතා කරනවා. Syntax එක එන්නේ,
if(condition){}
කියලා
Else
Else කියා වචනේ සිංහල තේරුම වෙනත් කියන එකනේ නේද, ඒ අර්තයම දෙන දෙයක් තමා මෙතන පාවිච්චි වෙන්නෙත්, දීලා තියන Code ඒම නැත්නම් දීලා තියන සියලුම Conditional Statements වැරදී නම් එන්න ඕන උත්තරේ තමා else වලට අදාල OutPut එක.
Syntax එක එන්නේ,
if(condition)
{
//Block of the code to be executed if the condition is true
}
else
{
//Block of the code to be executed if the condition is false
}
උදාහරනේ බලන්නකෝ හොදටම පැහැදිලි වෙයි ඔයාට,
හරි, ඔන්න ඒකත් පැහැදිලීනේ, දැන් අපි යමු ඊලගට වැඩේට.
Else-If
Else if කියන එක සිංහලට හැරෙව්වොත්, එසේ නම් කියන එක තමා Else if කියන්නේ. ඉදිරිපත් කරපු පලවෙනි කොන්දේසිය වැරදී නම් අලුත් කොන්දේසියක් ඉදිරිපත් කරන්න තමා මේක පාවිච්චී වෙන්නේ, දැන් ඔයාලට හිතෙන්න පුලුවන් Else වලදී කිව්වෙත් මේකමනේ කියලා, නෑ else වලදී ඉදිරිපත් කරපු ඔක්කොම Conditions ටික වැරදුනාම දාන විකල්ප Condition එක තමා Else කියලා දාන්නේ, ඒ කියන්නේ ඔක්කොම වැරදුනාම හරියන එක, ඒත් මෙතන Else If කියන්නේ ඔක්කොම වැරදුනාම නෙවෙයු පලවෙනි Condition එක වැරදුනාම හරියන එක, ඒ කියන්නේ මේකත් වරදින්න පුලුවන්, ඒක ගැනත් පැහැදිලි කරන්නම්.
Syntax එක එන්නේ,
if(condition 1)
{
//Code has to be executed when condition 1 is true
}
else if(condition 2)
{
// Code has to be executed when condition 1 false but condition 2 true
}
else
{
//Code has to be executed when both condition 1 and 2 false
}
හරි මේක තමා කතාව, දැ බලමු උදාහරණයක්, එතකොට හොදටම තේරෙයි.
ShortHand If else
මොකක්ද මේ කියන්නේ, කෙටි ක්‍රමයක් කියන්නනේ අපි ShortHand කියන වචනේ පාවිච්චී කරන්නේ, ඉතින් ඒකම තමා මෙතනදිත්, If else වල ඒ වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් කෙටි යෙදුම් තමා අපි බලන්න යන්නේ. කෙටියෙන්ම කිව්වොත් විරාම ලක්ශන පාවිච්චි කරනවා වචන වෙනුවට 😁, Sintax එක එන්නේ,
Variable = (condition)? expressionTrue : expressionFalse;
මෙන්න මේම.
හරි, උදාහරණයක් පාවිච්චි කරන්නම්කෝ මං මේක පැහැදිලි කරන්න.
මේ තියෙන්නේ If else සාමාන්‍ය අවස්තාවේ
ඔන්න මේ තියෙන්නේ Shorthand if else
Java switch
ඊලගට් බලමු මොකක්කද මේ Java switch එක කියලා😁. මෙහෙමයි අපිට කෝඩ් බ්ලොක් ගොඩාරියක් තිබිලා ඒ අතරින් එක්කෙනෙක් Execute කරගන්න ඕන නම් තමා මේක පාවිච්චි කරන්නේ,
Switch Syntax එක එන්නේ,
switch (expression)
{
Case x:
//code block
break;
case y:
//code block
break;
case z:
//code block
Break;
default:
//code block
}
කියලා, මෙලෝ දෙයක් තේරුනෙ නෑ නේද 😂. ඉන්න පැහදිලි කරගමු එකින් එක උදාහරනයකින් මේක,
මුලින් අපි ගමු If else Use කරල කරන්න, ඊට පස්සේ අලුත් ක්‍රමෙන් කරමු, එතකොට ඔයාලට තේරෙයි දෙකේ වෙනස හා ලේසි ක්‍රමය මොකක්ද කියලා, මම කියන්නෙ නෑ ඔයලම තෝරගන්න ඔයාලට ලේසි ක්‍රමේ 😋
දැන් බලමු මේකම Java switch එකෙන් කරන විදිය,
දැක්කද, දැන් අදහසක් තියෙයි නෙහ් කෝකද ලේසි කියලා,
ඊලඟ කතාව තියෙන්නේ syntax එකේ break හා Default කියන වචන දෙක පැහැදිලි කරගන්න,
The break Keyword
මුලින්ම බලමු Break කියන එක, Java Program එක run වෙනකොට Break කියන තැනට ආවට පස්සේ Switch Code Block එක එතනින් කැඩෙනවා, ඒ අදාල Condition එක True වෙනවා නම් එතනින් Code Block එක කැඩිලා Switch කොටසේ Program එක Execute වෙලා ඉවර වෙනවා, එතන කොටස False වෙනව නම් විතරයි ඊලග කේස් එකට යන්නේ. එතකොට Break Keyword එකේ තියන හොද දේ තමා අදාල කාර්යට අදාට Code කොටසෙන් පස්සේ නිකන් Code කොටස් වල Program එක Run වෙවී තියෙන්නේ නෑ, සාරාංශයක් ගමු ඒනම් මේ කතාවේ
Java Program එක උවමනා තැනට ළඟා වූ විට, එය ස්විච් බ්ලොක් එකෙන් කැඩිලා යන්නේ, ඒ කියන්නේ ඒ කෝඩ් කොටස program එකේ අනික් කොටස් වලින් ස්වායක්තයි .
ඒක නිසා break Keyword එක program එකට අදාල කාර්ය උනාට පස්සේ Code block එක තුළ තියන අනික් code හෝ case Execute කිරීම නවත්තලා දානවා.
Program එකේ ගැලපීමක් හම්බ උනාම, සහ Programඑකට අදාල කාර්යය අවසන් වූ විට, code එක break වෙනවා, ආයේ check කරන්න අවශ්‍ය වෙන්නෑ.
ස්විච් බ්ලොක් එකේ ඇති සියලුම කේත ක්‍රියාත්මක කිරීම Break Keyword එක මගින් නොසලකා හරින නිසා මෙමගින් Program Execution Time එක විශාල වශයෙන් ඉතුරු කරගන්න පුලුවන් වෙනවා. ඒක තමා If else වලට ඇති මේකේ තියන.
The default Keyword
මෙතනින් පස්සෙ කතාව Default කියන එක, මේක හරියට If else වල else වගේ, Switch එකට ගැලපෙන Case එකක් නැත්නම් Default එකේ උත්තරේ තමා Output එක විදියට ලැබෙන්නේ. උදාහරනෙකින් පැහැදිලි කරගමු අපි මේකත්,
ඔච්චරයි ඉතිම් Java Conditional Statements කියලා ඉගන ගන්න තියෙන්නේ, දැන් හරි ඒකත් එතකොට ඉවරයි. ඊලග දවසේ අපි කතා කරනවා වගේම කතා කරලා ඉවර කරනව Java loops ගැන. මේක අති සුවිසල් අති වැදගත් කොටසක්. ඒක නිසා අනිවාරෙන්ම එන්න ඊලග කොටස බලන්න 😁
අදට එහෙනම් මෙච්චරයි. Bye මගේ කොල්ලනේ කෙල්ලනේ 😁😽
No comments:
Post a Comment