Sunday, 4 September 2022

Java Strings

Have a nice day Boys and Girls, ඔන්න අදත් Voldemort ඔයාල ලග 😍

අන්තිමට දාපු Post එකේදි අපි කතා කරලා ඉවර කලේ Java Operators ගැනනේ.අද අපි කතා කරන්න යන්නේ, java Strings ගැන. මේක නම් එච්චර ලොකු කොටසක් නෙවෙයි 😁 . ඒක නිසා එක පෝස්ට් එකයි සියල්ල Done And Dusted😁,

එතකොට Non primitive data type ගැන කතා කරන්න පටන් ගන්න තමා අපි මේ ලෑස්ති වෙන්නේ. Programming වල හුගක් ලොකු Side එකක්. හොඳට අවදානය තියාගන්න මගේ යාලුවෝ හැමෝම අනික් දේ තමා තේරෙන්නැති තැන් පැහැදිලි කරගන්න ගමන් ඔයාට හුරු වෙනකන් සිය සැරයක් හරි ප්‍රැක්ටිස් කරන්න.


Non Primitive data type යටතේ මුලින්ම කතා කරන්න පටන් ගන්නේ strings ගැන. Strings කියන්නෙත්, Variable type එකක්ම තමා, විශේශත්වේ තමා String වලදී Store වෙන්නේ Characters එකට වඩා වැඩි ප්‍රමානයක්, ඒ වගේම Syntax එක ලියනකොට ඒකේ Syntax එකට Text  එක එන්නේ Double quote ඇතුලේ. 




String කියන්නේ Non Primitive data type එකක් නම් එතනින් එහාට ඔයාට මෙන්න මේ දේත් මතක් වෙන්න ඕන. ඒ තමා, Primitive data Type වලදී Operations Category කරලා තියෙයි,


  • Arithmetic operators

  • Assignment operators

  • Comparison operators

  • Logical operators

  • Bitwise operators

කියලා. මේවයි අනු කොටස් තව තියෙයි 


Arithmetic operators

  • Addition

  • Subtraction

  • Multiplication

  • Division

  • Modulus         

  • Increment      

  • Decrement

Assignment operators

  • “=” (Equal to - Primitive assignment)

  • (+=) Addition assignment

  • “-=” Subtraction assignment

  • “*=” Multiplication assignment

  • “/=” Division assignment

  • “%=” Remainder assignment

  • “&=” Bitwise And operator

  • “|=” Bitwise Or assignment

  • “^=” Bitwise xor Assignment

  •  “>>=” Bitwise right shift Assignment

  •  “<<=” Bitwise left shift Assignment

 

Comparison operators

  • “==” Equal to   

  • “! =” Not equal

  • “>” Greater than 

  • “<” Less than  

  • “>=” Greater than or equal to      

  • “<=” Less than or equal to

 

Logical operators

  • “&&” Logical and      

  • “||” Logical or        

  • “!” Logical not

ඔන්න මුල ඉදන්ම ආයෙ මතක් කලා, දැන් මතකයිනේ. හරි මේ Operators ටික විතරයි Primitive data type වලට තියෙන්නේ. අනික් දේ තමා මෙව්වා කලින් Define කරපුවා. නමුත් Non Primitive ගැන කියනකොට මම කිව්ව ඔයාලට මතක නම් Predefined Methods එයාලට නෑ. අපට ඕනම වෙලාවක Method එකක් Define කරලා වැඩ කරන්න පුලුවන් කියල නෙහ්. හරි ඔය දේවල් තමා විශේශිත කරුනු. 

හරි අපි දැන් යන්නේ Strings වල තියන Special Methods ටිකක් බලන්න,

 

String Length

මේකෙන් string එකක Length එක calculate කරගන්න පුලුවන්. Syntax එක එන්නේ 

length() කියලා.

 

 

More String Methods

Methods මෙච්චරයි කියල ඉවර කරන්න අපිට බෑ, මම කිව්වනේ Non Primitive වලදී අපේ අවශ්‍යතාවයට ගැලැපෙන Method determine කිරීමෙ හැකියාව අපිට තියනවා.

දැන් අපි එහෙම තියන Method දෙක තුනක් බලන්නයි මේ යන්නේ.

toUpperCase() and toLowerCase(), සාමාන්‍යෙන් නම දැක්කම පොඩි අයිඩියා එකක් එනව නේද, Simple capital අකුරු සීන් එකක් තමා තියෙන්නේ කියලා. ඔව් ඒම Case එකක් තමා. මෙතනදී වෙන්නේ toUpperCase() පාවිච්චි කලාම සම්පූර්ණ String එක Capital වෙනවා, toLowerCase() පාවිච්චි කලාම සම්පූර්ණ String එක simple වෙන්නේ. පහල බලන්නකෝ,

 

 

Finding a character in a string

 

indexOf(), මේ Method එක Use කරන්නේ txt එක ඇතුලේ තියන Characters Set වල Location එක හොයන්න, 

මෙතනදී තව විශේශ දෙයක් මම කියාදෙන්නම් ඔයාට ඒ තමයි Java වල Characters Count කරන්න පටන්ගන්නේ 0 ඉදල, ඒ කියන්නේ Hello World කියන Text එක ගත්තොත් සාමානය ගනනය කිරීමේදී W කියන්නේ හයවෙනි අකුර උනාට ඒක Programming වලදී එයාගෙ පස් වෙනි අකුර විදියටයි සලකන්නේ. මොකද H කියන්නේ පලවෙනි Character එක නෙවී 0 වෙනි character එක කියලයි ගන්නේ. මේ කතාව සමස්ත ක්‍රමලේකන ලෝකෙටම පොදු සාදකයක් ඒක නිසා හොදට මතක තියාගන්න.

 

ඔන්න ඒකත් හරි, දැන් ආයෙ යමු indexOf() ගැන කතා කරන්න. පහල Example එක බලනකෝ.

 

 

Java string Concatenation

+ Mark එක use කරලා Non Primitive වල data add කලා මතකද. String වල ඒම characters add කරන්න බෑනේ, මෙතනදී වෙන්නේ text දෙකක් බට් වෙන එක (Hello + World = HelloWorld). අන්න ඒකට තමා මේ Concatenation කියල කියන්නේ. මේ Concatenation කියන වචනේ සිංහල තේරුම අන්තර් සම්බන්දය කියන එක.

මේ + mark එක දානව අමතව Concatenation වල Method එක Use කරන්නත් පුලුවන්. මේකට අපි කියනවා Concatenation Method කියලා. හැබැයි මෙතනදී කලින් වගේ නෙවී Space තියන්නේ, හොදට බලන්නකෝ පහල Example එක,

 

 

 

Java Numbers And Strings

 

Java Variable වල Primitive Type එකේදි අපි + Use  කලා value දෙකක් එකතු කරන්න. Non primitive වලදී Use කලා Concat කරන්න. එතකොට අපි දැන් වෙනකන් ඉගනගත්තු ඒවයින් අපිට තේරුම් ගන්න පුලුවන් උනු දේ තමා + Numbers වලදී නම් Addition, Text වල්දී නම් Concatenate. 

 

Numbers දෙකක් + කලොත් Result එක තවත් Number එකක්,

 

 

 

Text දෙකක් + කලොත් Result ඒ Text දෙකම එකතු වෙලා එන Statement එකක්,


Java special Characters

 

හිතන්න අපිට String එක ඇතුලේ තියන Text එක ඇතුලේ තියන වචනයක් උදෘත කරන්න ඕන, Example එකක් කිව්වොත් Her Name is “elissa” වගේ, එතකොට String එක ඇතුලේ තියන Text එක කොහොමත් dOuble Quote ඇතුලේ ලියන්නේ, elissa ත් Double Quote ඇතුලේ, එහෙමද ? ඒ කියන්නේ Syntax එක “Her Name is “elissa”.” මෙහෙමද, නෑ මෙහෙම ලිව්වොත් Compile කලාම Generate වෙන්නේ error එකක්. 

අපි මේවගේ අවස්තා වලට Java වලදී විශේශිත වෙච්ච Characters කිහිපයක් Use කරනවා. මේවට කියනවා Java Backslash escape Characters කියලා. මේ Backslash escape Characters String එක ඇතුලේ තියන Special Characters වෙන කරලා පෙන්වනවා. 

හරි, ඔන්න Strings ත් ඉවරයි, ඊලග දවසේ අපි කතා කරනවා වගේම කතා කරලා ඉවර කරනව Java Math And Boolean ගැන.

අදට එහෙනම් මෙච්චරයි. Bye මගේ කොල්ලනේ කෙල්ලනේ 😁😽

 

 



 

No comments:

Post a Comment