Hi රත්තරන් යාලුවනේ 😁, ඔන්න අදත් ආව මම අලුත් ජාවා කොටසක් අරං, අපි දැන් ගැම්මට
Programming පටන් අරන්නේ තියෙන්නේ, මේ ලැස්ති වෙන්නෙ පොඩ්ඩක් Track එකෙන් පිට
පනින්න 😜. හදාගත්තු Java Program එක Run කරන එක සාමාන්‍ය විදියට අපි කලාට ඒකේ
ක්‍රියාවලිය වෙන විදිය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නයි මේ ලෑස්තිය. මේක ඔයාලගෙ දැනුම
පොතට 😁, මං හැමදාම කියනව වගේ දෙයක් ඉගන ගන්නකොට ඒක නිකන්ම නිකන් Machine
එකක් වගේ නැතිව ඒකෙ තියන හැම කොටසක් ගැනම අවබෝදයක් තියන් ඉගන ගන්න, එතකොට
හැම දෙයක්ම ඉක්මනින්ම තේරුම අරං ඒ Side එකේ caper කෙනෙක් වෙන්න පුලුවන් 😎.
අනික් Programming language වගේ නෙවෙයි , (හැම වෙලේම Java ගැන කතා කරද්දී නිතරම
කියවෙන වචන ටික 😂) Java Compile කලාට ඔයාට Machine codes හම්බෙන්නේ නෑ, ඒ
හම්බෙන Codes වලට අපි කියන්නේ, Byte Codes කියලා. හැබැයි මේ Byte Codes කියන්නේ
Machine Code Instructions වලින් හැදුන Code set තමා. ඒක ඒම උනාට Machine Code
Process වෙන්න සෘජු සම්බන්දය CPU (Central Processing Unit - මද්‍ය සැකසුම් ඒකකය) එක
මගින් උනාට Byte Code Process වෙන සංකල්පය චුට්ටක් වෙනස්. එතනදි අපේ කතාව ඇතුලට
Java Virtual Machine (JVM) කියන සංකල්පය එනවා.
(මෙතනදී Virtual Machine කියන සංකල්පේ ගැන කතා කරන්න බලාපොරොත්තුවක් නෑ, Java
Virtual Machine කියන Concept එක ගැන දැනගන්න ඕන නම් මෙන්න මේ තියන Post එකත්
කියවලම එන්න. ඇත්තටම ඒ කොටස අයිතිවෙන්නේ Java Architecture කියන කොටසට, ඒක
නිසා මං ඒක මෙතනට පටලවගන්නේ නෑ 😌)
Machine Code |
Byte Code |
Machine Code,එහෙම නැත්නම් Machine
Language එක
කියන්නේ පරිගනකයට සෘජුවම ප්‍රතිචාර දැක්විය හැකි ද්වීමය උපදෙස් වලින් හැදුන language එකකට |
Virtual Machine වැඉ මෘදුකාංගයක් ඉක්මනින්, කාර්‍යක්ශමව වැඩ කිරීම සඳහා design කරපු Instruction Set එකක්. |
Machine Code Processor ඒක ඒ කියන්නේ CPU
එක මගින් කෙලින්ම Process
කරනන පුළුවන් |
Byte Code, Source Code එක Compile
කරලා
හදාගෙන Execute(ක්‍රියත්මක) කරන්නේ Virtual machine එක මඟින්. |
Low-Level Language එකක් |
Intermediate Language එකක් |
Hardware ඒ කියන්නේ Machine එක තව ටිකක් Examples එක්ක පැහැදිලි කලොත් CPU Ram , Hard Disk උදාහරන වලට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ hard Ware වලට උඩින් තියෙන්නේ operating System එක හා Java Virtual Machine එක (මේ දෙකම අයිති වෙන්නේ දුකාංග ඒම නැත්නම් Software වලට ) Java Virtual Machine එකට උඩින් තමා Java Program එක Run වෙන්නේ, දැන් ඔයාට තේරෙන්න ඕන OS එක මත Depend නොවී Java Independent උනේ කොහොමද කියලා, මේ Run වීමට OS එක බලපෑමක් නෑ, මොකද Java Program එක Run වෙන්නේ එයාගෙ Virtual Environment එකේ. හැබැයි මේ Virtual Environment ඒක OS එක එක්ක සම්බන්ද නිසා Java Virtual Machine එක Platform එක මත Depend වෙනවා. මතකයි නෙහ් අපි JDK එක Download කරගනිද්දී ඒක Platform එකට ගැලපෙන්න අපි තෝරගත්තා.
ඔන්න ඒ කොටසත් හරි, අනිවාරෙන්ම මේක කියවන්න කලින් Virtual Machine Post එක කියවල එන්න යාලුවනේ, ඒක හුගක් හොද වෙයි තේරුම් ගන්න. එහෙනම් අදට Bye කොල්ලනේ කෙල්ලනේ 😁😽
No comments:
Post a Comment