Friday, 8 July 2022

Programming වලට කලින් DOS ගැන පොඩ්ඩක් කතා කරමුද ?

හායි ගයිස්, මුලින්ම මම ගැන කිව්වොත් මම lord Voldemort, මං ගැන දන්නැති මිනිස්සු ලෝකේ නෑනේ, ඒම ඉතුරු වෙලා ඉන්නව නම් යන්න යන්න දුවල ගිහින් මගේ නම google කරලා එන්න 😉😁, හරි දැන් දන්නවනේ මම කවුද කියලා, හිතන්නකෝ මං වගේ කෙනෙක් එක්ක programming ගැන කතා කරන්න හම්බෙනවා කියන්නේ, ඔයාලගේ වාසනාවෙ තරම 😌😂.

 Programming නැත්නම් ක්‍රමලේකනය ගැන කතා කරන්න කලින් මම හිතුවා මුලින්ම කතා කරන්න DOS (Disk operating system) ගැන. ඒම කරන්න හේතුව ඔයාලට ඉස්සරහට තේරෙයි. DOS කියන්නේ CLI (Command Line Interface) එකක්, මේක සිංහලෙන් කිව්වොත් විධාන පේලි අතුරු මුහුනත් සහිත මෙහෙයුම් පද්ධතිය. ඇත්තටම මට නම් හිතෙන්නේ සිංහලෙන් කියනවට වඩා command line interface එක කියන එක ලේසීයි 😁 ආරම්භයේ කියන්නේ පරිගණකය සොයාගත්තු මුල් යුග වල තිබ්බ සියලුම පරිගණක වල තිබ්බේ CLU එකක්, මේකට අදාල විදානයන් (Commands) දුන්නේ ප්‍රේරකයක් (prompt) එකක් හරහා.මෙතනින් ඉස්සරහට කතා කරද්දී මම අපිට familiar නිසා English වචන ටික use කරන්නම්, ඒක ලේසි වෙයි ඔයාලට තේරුම් ගන්න

 මේකේ අපිට කරගන්න ඕන වැඩේට අවශ්‍ය සියලුම commands, prompt එකේ type කරන්න ඕනි. එතනදී විශේශයෙන් සඳහන් කරන්න ඕන කාරනේ තමා මේ commands වලට කාරක රීතීන්(Syntax) තියනව, ඒ කියන්නේ අපිට ඕන ඕන දේ type කලාට හරියන්නෑ, අදාල syntax use නොකර.

 මේ commands, user ;

 File/Folder වල මූලික කටයුතු, ඒ කියන්නේ Files, Folders හදන්න ඒවට දේවත් insert කරන්න වගේ දේවල්

Program execution (Program ක්‍රියාත්මක කිරීම/ මෙතනදී අපි DOS ගැන අවබෝධයක් ලබාදෙන්න ඕන කියල හිතපු මූලිකම හේතුවත් මේක)

Hardware Configuration (දෘඩාංග විධිවිධානය)

වගේ දේවල් කරන්න උවමනා වෙනවා.

DOS සහා Windows

සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ Graphical User Interfaces(GUI). ඒ කියන්නේ අපි මේ දවස් වල ෆේමස් GUI ටිකක් ගැන කිව්වොත් Microsoft Windows, macOS, Ubuntu Unity, GNOME Shell for desktop environments, and Android, Apple's iOS, BlackBerry OS, Windows 10 Mobile, Palm OS-WebOS, and Firefox OS වගේ examples ටිකක් කියන්න පුළුවන්, පොඩියට හරි CLI ගැන idea එකක් තියන කෙනෙක්ට දැන් තේරෙයි මේ දෙකේ අහසට පොලොව වගේ තියන වෙනස්කම් ටික 😁 idea එකක් නැති අය චුට්ටක් වත් worry වෙන්න එපා I am here for u 🤗

අපි කතා කරමු දැන් CLI, GUI කියන දෙකේ වෙනස, මේකට මම ලංකාවෙ බහුතර usage එක ගැන හිතලා Ms Dos, CLI එක වශයෙනුත්, Ms Windows, GUI එක වශයෙනුත් ගන්නම්.

DOS (CLI)

Windows(GUI)

පරිශීලකයෝ එහෙම නැත්නම් අපිට හුරු විදියට Users ලා එක්කෙනයි ඉන්නේ.

පරිශීලකයිනි කිහිපයක් නැත්නම් Multi users ඉන්නවා

එකවරකට එක වැඩයි

කාර්‍යන් කිහිපයක් එකවර

No time-sharing

Timeshare (users ලා කිහිප දෙනෙක් එක්වර CPU එකත් එක්ක interact වෙන එකට time sharing කියන්නේ. මේ ගැන චූටි අදහසක් වත් නැත්නම් කමෙන්ට් එකක් දාන්නමම පැහැදිලි කරන්නම් )

ආදානය ඒම නැත්නම් input කරන්න use කරන්න පුලුවන් Keyboard එක විතරයි

Input devices විඳියරට Keyboard, mouse, Touch pad, etc. use කරන්න පුළුවන්.

CLI එකක්

GUI එකක්



How to open DOS?

තවමත් Windows හී සියළුම versions වලට සමහර වර්ග වල DOS පවතිනවා. මේක පැහැදිලි කරගන්න අපිට CMD(Command prompt) හා Windows power Shell උත්සහා කරන්න පුළුවන්.

 මේ දෙක open කරගන්න හරිම පහසුයි, Windows key එක press කරාම එන search bar එකේ CMD නැත්නම් Command prompt කියලා type කරාම CMD එක Visualize වෙනවා, ඒක click කරාම CMD ඒක open කරගන්න පුළුවන්, Easy 😁


Power shell ත් මේ ව්ඳියමයි Guys, try it your self 😋

 හරි අඳට කතා කරන්න plan කරපු ටික තමයි මේ, ටිකක් Friendly manner එකකින් මං language එක use කලේ ඔයාලයට boring නොවෙන්න, writing style එක uncomfortable වගේ නම් වෙනස් කරමු අපි, ඔබේ ෂැප මගේ සතුටටයි 😁😽

 අදට ඒනම් බායි කොල්ලනේ, කෙල්ලනේ 👋

 

 


 

2 comments:

  1. හොදට තේරෙන විදිහට කියලා දෙනව 🔥 Keep it up

    ReplyDelete